Colombo Today Local News

මිනිස් අසූචි මිශ්‍ර කෑම විකුණූ කුරුණෑගල අජ්මීර් හෝටලයට සීල් තබයි

මිනිස් අසූචි සහිත කුකුළු මස් කෑම පාර්සලයක් අලෙවි කළ කුරුණෑගල බස් නැවැතුම්පොළ ඉදිරිපිට පිහිටි හෝටලයක හිමිකරුට රුපියල් 26000 ක දඩයක් නියම කළ කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් නාමල් පෙරේරා මහතා, අදාල හෝටලයේ පවතින අඩුපාඩු සකස්කර එය සනීපාරක්ෂක ස්ථානයක් බවට සකස්කරන තෙක් වසාදමන ලෙසට පසුගිය 22 වැනිදා නියම කළේය.

මෙලෙස දඩ මුදල් සහ වසාදැමීමේ නියෝග නියම කෙරුණේ කුරුණෑගල, පැරකුම්බා වීදියේ පිහිටි අජ්මීර් හෝටලය නමින් ආපන ශාලාවක් පවත්වාගෙන යන ෂාහුල් හමීදු මහම්මුදු දෙයියාර් නැමැති අයවලුන්ටය.

1980 අංක 26 දරණ ආහාර පනතේ ප‍්‍රතිපාදන අනුව, මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, සනීපාරක්ෂාවට අහිතකර තත්වයන් යටතේ ආහාර සකස්කිරීම, ආහාර ස්වස්ථතා නියෝග උල්ලංඝණය කිරීම සහ බලපත‍්‍රයක් නොමැතිව හෝටලයක් පවත්වාගෙනයාම යන චෝදනා හතර මත කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අදාලව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරා තිබිණි. විත්තිකාර ව්‍යාපාරිකයා විසින් නිෂ්පාදනය කළ බත් පැකැට්වල සාම්පල් ජාතික වෛද්‍ය පර්යේෂණායතනයට යැවීමෙන් අනතුරුව ලබාගත් පර්යේෂණ වාර්තාවන්ට අනුව විත්තිකරුට එරෙහිව නඩු පැවරූ බව පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දැක් වූ කුරුණෑගල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. අයි. උබේසේකර මහතා පැවසීය. මිනිස් අසූචිවල හටගන්නා ඊ කොලයි නැමැති බැක්ටීරියාව ඇතුලූ මිනිස් සිරුරට අහිතකර බැක්ටීරියාවන් ගණනාවක් සැකකරු විසින් නිෂ්පාදනය කළ ආහාරවල අඩංගු වී තිබූ බව ජාතික වෛද්‍ය පර්යේෂණායතනය විසින් නිකුත් කළ වාර්තාවලින් තහවුරු වී ඇති බවද හෙතෙම පැවැසීය. කුරුණෑගල ප‍්‍රධාන බස් නැවැතුම්පොළ ඉදිරිපිට පිහිටි මෙම හෝටලයෙන් කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් ඇතුලු විශාල පිරිසක් දෛනිකව ආහාර ලබාගන්නා බවත්, මෙවැනි අපිරිසිදු ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් උණ සන්නිපාතය, බෝවෙන සෙංගමාලය, පාචනය සහ ආහාර විසවීම් වැනි රෝගී තත්වයන්ට මහජනතාව ගොදුරුවිය හැකිවීමේ අවදානම සලකා විත්තිකරුට එරෙහිව නඩු පැවරූ බවද උබේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා අදාල හෝටලයේ පවතින අඩුපාඩු සකස්කර, එය සනීපාරක්ෂක ස්ථානයක් බවට පත්කිරීමෙන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටත්, එතෙක් එම හෝටලය වසා දමන ලෙසටත් නියෝග කරමින් දඩ නියම කළේය. කුරුණෑගල මහනගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශිශිරෝධා රත්නායක මහත්මියගේ උපදෙස් මත, ප‍්‍රධාන මහජන පරීක්ෂක ඒ. ජී. උපතිස්ස මහතාගේ සහය ද ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. අයි. උබේසේකර මහතා විසින් සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

wayambatoday

Related posts

ඖෂධ මගඩිය හෙළිදරව්වෙන් ඇමති පුතා කිපෙයි.. මරණ තර්ජණ !

colombotoday

පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිනන්

colombotoday

ලංකාවේ බොරතෙල් කණින්න රෝඩ් මැප් එකක් හදන්න කෝපා කමිටුව අමාත්‍යංශයට කියයි

colombotoday

විශ්වාසභංගය මොකක් වුණත් 2020 දක්වාම අගමැති රනිල්මයි – පී හැරිසන්

colombotoday

බ්‍රිතාන්‍ය යුරෝපා අවුලෙන් අපිත් අමාරුවේ.. ඉක්මනට ETCA ගහන්න වෙයි !

colombotoday

“නීතියේ ආධිපත්‍ය උඩ අගමැති රනිල් ‘තට්ටම‘ තියලා“ – වාසු

colombotoday