Colombo Today Local News

සංගක්කාරගේ බිරිඳ අඩු ‍ආදා­ය­ම්ලා­භි­යකු සේ පෙනී සිට කූට ලේඛන සකසා ඉඩ­මක් පවරා ගනියි. සැමියාගේ මාසික වැටුප රුපි­යල් 7,000 යි ලු.

රජයේ ඉඩම් ඉතා සූක්ෂම ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකසා රාජ්‍ය සේව­ක­යන් සහ තැරැ­ව්ක­රු­වන් එක්ව ව්‍යාපා­රි­ක­යින්ට ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට ඔවුන්ගේ බිරි­න්දෑ­ව­රුන්ට සහ විවිධ ව්‍යාපා­රික ප්‍රජා­වට අලෙවි කිරීමේ ජාවා­ර­මක් දඹුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය හරහා සිදු කෙරෙන බව තොර­තුරු දැන­ගැ­නීමේ පනත අනුව හෙළි­ද­රව් කිරී­මට ඉකුත් දා හැකි විය.

දඹුල්ල සහ සීගි­රිය අවට ප්‍රදේ­ශ­වල කාල­යක් තිස්සේ රජයේ ඉඩම් සහ වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මෙන්ම වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් ඉඩ­ක­ඩම් වලට ද ව්‍යාජ ඔප්පු සහ බල­පත්‍ර දීම­නා­පත්‍ර සකසා මෙම ඉඩම් ජාවා­රම සිදු කර­ගෙන යන බව ප්‍රදේ­ශය පුරා මහ­ජ­න­තාව දන්නා කරු­ණකි .

මේ පිළි­බ­ඳව කිසිදු අයෙ­කුගේ අව­දා­න­මක් යොමු නොකොට විශාල වශ­යෙන් සංචා­රක හෝටල් සංචා­රක කර්මා­න්තය මෙන්ම විවිධ බෝග වගා කිරීමේ වැඩ­පි­ළි­වෙල ක්‍රියා­ත්මක වෙමින් පැව­තිණි .එමෙන්ම ඉඩම් අලෙවි කිරීම කූට ලේඛන සැක­සීම පදිංචි සහ­තික ලබා­දීම හැඳු­නු­ම්පත් සැක­සීම ආදී සියලු ඉඩම් ගනු­දෙනු සඳහා සංවි­ධා­නා­ත්මක ඉඩම් තැරැ­ව්ක­රු­වන් රැසක්ද කිසිදු නීති­ය­කට අව­නත නොවී දඹුල්ලේ ක්‍රියා­ත්මක වෙමින් සිටිති.

කොළඹ ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­ව­කට ව්‍යාජ පදිංචි සහ­තික, ව්‍යාජ හැඳු­නු­ම්පත් සහ මාසික රුපි­යල් 7000 කට අඩු ආදා­ය­ම්ලාභී අයකු ලෙස කූට ලේඛණ සකසා රජයේ ඉඩ­මක් පවරා දීමේ තොර­තු­රක් දඹුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යෙන් තොර­තුරු දැන­ගැ­නීමේ පනත හරහා අනා­ව­ර­ණය කර­ගැ­නී­මට හැකි විය.

දඹුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සේවය කරන ග්‍රාම නිල­ධාරී වර­යෙක් හදිසි වැඩ තහ­න­ම­කට ලක් වීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ලැබුණු තොර­තු­රක් මත තොර­තුරු දැන­ගැ­නීමේ පනත හරහා මෙම රජයේ ඉඩම් කා විසින් කවු­රුන් හට පැව­රුවේ ද යන්න විස්තර ඉල්ලා අය­දු­ම්ප­ත්‍ර­යක් ලබා­දීම සිදු­කළ අතර එයට ලබා දුන් තොර­තුරු අනුව ඉතා සූක්ෂම ලෙස මෙම සුවි­ශාල වූ හෙළි­ද­රව්ව හෙළි කිරී­මට හැකි විය.

දඹුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් මයි­ල­ත්තාව ප්‍රදේ­ශයේ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණි නැමැති කාන්තා­වක වන අඩු ආදා­ය­ම්ලාභී කාන්තා­වක විසින් මෙම ඉඩම රජ­යෙන් පවරා ගෙන භුක්ති විඳි­මින් සිට තිබේ.

පසුව ඇයට එම ඉඩම භුක්ති විඳී­මෙන් ඉඩම නඩත්තු කර­ගැ­නී­මට නොහැකි නිසා තවත් අඩු ආදා­ය­ම්ලාභී කාන්තා­ව­කට පවරා දෙන ලෙස ප්‍රාදේ­ශීය ලේකම් වර­යා­ගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව හිමි­කම් පැව­රීම සඳහා වසමේ ග්‍රාම නිල­ධා­රි­ව­රයා මෙන්ම ඉඩම් නිල­ධාරි ජන­පද නිල­ධා­රි­ව­ර­යාද හිමි­කම් පරීක්ෂා කොට සියලු තොර­තුරු ප්‍රාදේ­ශීය ලේකම් වෙත ලබා­දිය යුතුය.

අව­සා­නයේ දී ප්‍රාදේ­ශීය ලේකම් විසින් එම පැව­රීම සනාථ කරන අත්සන ඔහු විසින් යොදනු ලැබේ.

රජයේ ඉඩම් නොමි­ලයේ එසේ පැව­රීම සිදු­ක­රනු ලබන්නේ අඩු ආදා­යම් ලාභී පවුල් වල ආර්ථික සංව­ර්ධ­නය ඉටු­කි­රීම නිසා­වෙනි .

ඒ අනුව ඉහළ ඇරෑ­වුල දඹුල්ල යන ලිපි­නයේ පදිංචි බව කියන එහෙත් එහි පදිංචි නැති සුපිරි කත­කට මෙම ඉඩම දඹුල්ල ප්‍රාදේ­ශීය ලේකම් පියල් ජය­සු­රිය ගේ අත්ස­නින් යුතුව එය දෙසැ­ම්බර් 14 දින පවරා ඇති­බව ලිපි ලේඛණ අනුව සනාත වී තිබේ. පැව­රු­ම්කා­රි­යගේ ස්වාමි පුරු­ෂයා ගොවි­තැන් කරන මෙම දෙප­ළට දරු­වන් නැති බවද ග්‍රාම නිල­ධා­රි­ව­රයා සනාථ කොට තිබේ.

අම­ත­රව පවුලේ මාසි­කව රුපි­යල් 7,000ක අඩු ආදා­ය­ම්ලාභී බව ද ඉහළ ඇරෑ­වුල ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­යක් බවද ග්‍රාම නිල­ධා­රි­ව­රයා සනාථ කොට තිබේ. මෙම කාන්තාව ඉහල ඇරෑ­වුල දඹුල්ල යන ලිපි­නයේ පදිංචි බවට ජාතික හැඳු­නු­ම්ප­තක ඡායා­පි­ට­ප­තක්ද ලිපි ගොනු­වට ඇතු­ළත් කොට ඇත්තේ පදිං­චිය තහ­වුරු කිරීම සඳ­හාය.

ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ තොර­තුරු අනුව එවැනි කතක් දඹුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ලියා­ප­දිංචි වී හෝ පදිංචි වී නැත. ඉහළ ඇරෑ­වුල දඹුල්ල යන ලිපි­නයේ පදිංචි හෝ ජාතික හැඳු­නු­ම්ප­තක් දඹුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය හරහා නිකුත් කර නැත.

මෙම හැඳු­නු­ම්පත නිකුත් කර ඇත්තේ කවු­රුන්ද යන්න තහ­වුරු වී නැත . කාන්තාව අඩු ආදා­ය­ම්ලාභී කාන්තා­වක් බවට ග්‍රාම නිල­ධා­රි­ව­රයා ලිඛි­තව පෙන්වා දී ඇති කාන්තාව ප්‍රවීණ ‍ක්‍රිකට් ක්‍රීඩ­ක­ය­කුගේ බිරිඳ බව පසුව හෙළි විය.

තොර­තුරු දැන ගැනීමේ පනත අනුව ලබා­ගත් දත්ත­යන් වලට අනුව දඹුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් සීගි­රිය කලා­පයේ රුඩ් 2යි පර්චස් 15 .1 රජයේ ඉඩ­මක් මෙසේ එම බිරි­යට පැවරී තිබේ.

මෙම වැරදි තොර­තුරු ලබාදී රජයේ ඉඩම් ලබා­දුන් ග්‍රාම නිල­ධා­රී­ව­ර­යාගේ සේවය අත්හි­ටු­වීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අප දිස්ත්‍රික් ලේකම් එස්. එම් . ජී. කේ. පෙරේ­රා­ගෙන් විම­සී­මක් කළෙමු. ව්‍යාජ ලිපි ලේඛන සකසා රජයේ ඉඩම් පැව­රීම සම්බ­න්ධ­යෙන් සිදු කරන ලද මූලික පරී­ක්ෂ­ණ­යට අනුව ගාම නිල­ධා­රි­ව­රයා ගේ සේවය අත්හි­ටුවා තිබෙන බවය. උදව් කළ තවත් පිරිස් ඇත්දැයි යන්න විශේෂ පරී­ක්ෂ­ණ­යක් පවත්වා එම පිරි­සට ද නීතිය ක්‍රියා­ත්මක කරන බව සඳ­හන් කළේය.

දඹුල්ල ප්‍රාදේ­ශීය ලේකම් පියල් ජය­සූ­රි­ය­ගෙන් විම­සී­මේදී කියා සිටියේ මෙම ලිපි ගොනු­වට තමාගේ අත්සන යොදා තිබෙන බවය. ඉඩම් හිමි­කම් පැව­රීම සිද්ධි­ය­කදී ග්‍රාම නිල­ධා­රී­ව­රයා ඉඩම් නිල­ධා­රි­ව­රයා ඇතුළු කණ්ඩා­ය­මක් විශේෂ පෝරම් කිහි­ප­යක් පිර­විය යුතු බවය, අඩු ආදා­ය­ම්ලා­භි­යකු බවට සහ­තික කිරීම එම අයට දරු­වන් සිටී නම් ඒ දරු­වන්ගේ කැමැත්ත ලබා ගැනීම වෙනත් සම්බ­න්ධ­කම් ඇත්නම් එය සනාථ කිරීම විශේ­ෂ­යෙන්ම ඔවුන් අඩු ආදා­ය­ම්ලාභී බවට සනාථ කිරීම, පදිං­චිය සියල්ල සලකා බලා තමා අතට මෙම ලිපි­ගොනු ලැබෙන බවය. පහළ නිල­ධා­රින් සනාථ කොට තිබීම හේතු­වෙන් තමා එම ඉඩම් පැව­රීම සඳහා තම අත්සන යෙදූ බව පැව­සීය.

පසුව මෙම ඉඩම වෙනත් වාණිජ කට­යු­ත්තක් සඳහා යොදා ගැනී­මට අවැසි බව තමාට ලද දුර­ක­තන ඇම­තු­ම­කින් අනා­ව­ර­ණය වූ බවත් පසුව තමන් මෙම ලිපි­ගොනු පරික්ෂා කිරී­මේදී වැරදි තොර­තුරු ඇතු­ළත් කොට ඇති බව අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වූයේ යැයි හෙතෙම සඳ­හන් කළේය .

ඉඩම පෙර අයිති පේළියේ පද්මිණී යන අය­ගෙන් අප විම­සී­මේදී කිවේ තමා හා සැමියා දැඩි අස­නීප තත්ත්ව­යෙන් සිටින නිසා තම ඉඩම ආස­න්නයේ ඉඩමේ අයකු ප්‍රති­කාර සඳහා උදව් කොට මුදල් ලබා­දුන් නිසා තම ඉඩම ඔහුට පැවරූ බවය.

ඉඩම දැනට පැවරී ඇති ඉහළ ඇරෑ­වුල දඹුල්ල ලිපි­නයේ පදිංචි බව කියන අඩු­ආ­දා­ය­ම්ලාභී කාන්තාව හඳු­නන්නේ නැති බවය.තොර­තුරු දැන­ගැ­නීමේ පනත අනුව මේ ඉඩම් පැව­රීමේ ලිපි ගොනු ලබා­ගෙන පරික්ෂා කිරී­මේදී මෙම පැව­රීමේ සාක්ෂි­ක­රු­වන් ලෙස ඩබ්ලිව් ,ජි .අයි .සංජිව අසේල සහ ඩබ්ලිව්. ජි.ඒ .ජි .වර්ණ­සු­රිය යන දෙන්නා අත්සන් තබා තිබේ.

අප මේ පිළි­බ­ඳව ඩබ්ලිව්. ජි.ඒ .ජි .වර්ණ­සු­රි­ය­ගෙන් විම­සී­මේදී කීවේ තමන්ට හිත­ව­තකු මාර්ග­යෙන් අත්සන් තැබූ බවත් මේ පිළි­බ­ඳව කිසි­වක් නොදැන අත්සන් කළ බවය. එමෙන්ම අනෙක් සාක්ෂි­කරු වූ ඩබ්ලිව්.ජි.අයි. සංජිව අසේල කියා සිටියේ ඉඩම පව­රා­ගත් කාන්තාව වසර 10ක සිට දන්නා හඳු­නන නිසා ඇය ඉඩම භුක්ති විඳි­මින් සිටි යුව­ළට උදව් කළ නිසා මේ ඉඩම පැව­රී­මට අවශ්‍ය කට­යුතු සිදු­කළ බවය. මෙම ලිය­කි­ය­විලි වල වර­දක් ඇති නිසා ඒ බව ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා දැනු­වත් කළ බව කීවේය. ඉඩම ලබා­ගත් කාන්තාව සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා සිටි­යදී කියා සිටියේ ඇය විදේ­ශ­ග­තව සිටින බවය.

සිළුමිණ

Related posts

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම හෙට සිට

colombotoday

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

colombotoday

අගමැති යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට ?

colombotoday

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

colombotoday

“ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක් විය යුතුයි”

Admin

අල්ලස් ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට

colombotoday