Colombo Today Local News

මුලතිව්, කෝපාපිලව් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් වේ

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ කේපාපිලව් හි අක්කර 15 ක පමණ ප්‍රදේශයකින් මේ වන විට යුද හමුදාව ඉවත් වී තිබේ.

කෝවිලක්‌ හා පෙර පාසලක්‌ යුද සමයේදී පිහිටා තිබූ අතර එම දේපළවලට කිසිදු හානියක්‌ නැතැයි කේපාපිලව් ගම්මානයේ වැසියෝ කියා සිටිති.

මේ වැසියන්ට අයත් ඉඩම් අක්‌කර 420 ක්‌ ආපසු ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන් විසින් මීට මාස 11 කට පෙර සිට ආරම්භ කොට ඇති අඛණ්‌ඩ විරෝධතාව ඔවුන් මේ දක්‌වා අවසන් කොට නැත.

රජය විසින් වරින් වර අවස්‌ථා කීපයකදී මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන්ට අයත් ඉඩම් අක්‌කර 112 ක්‌ පමණ මේ වන විට නිදහස්‌ කොට තිබේ.

යුද හමුව ඉවත් වූ මෙම ඉඩම ඒවායෙහි අයිතිකරුවන්ට භාරදීම දෙසැම්බර් 28 වැනිදා මුලතිව් කේපාපිලව් අසලදී සිදු කිරීමට නියමිතය. මෙම භූමියේ පවුල් 14 ක්‌ පදිංචිව සිටි අතර රජයේ යළි පදිංචි කරවීමේ වැඩපිළිවෙළ යටතේ ඔවුන් එම ගම්මානයේ යළි පදිංචි කරවීමටද මුලතිව් දිසාපතිවරයා පියවර ගෙන තිබේ.

Related posts

නයිජිරියානු 8 ක් සහ ලංකාවේ දෙදෙනෙක් කුඩුත් සමග අත්අඩංගුවට

colombotoday

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

වෙරළ ආසන්නයට ආ ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු යළි මුහුදට මුදාහරී

Admin

“සුපිරි ඇමති පනත හදා ඇත්තේ අමු මෝඩයෙක්“ – රාජිත

colombotoday

උතුරේ හමුදාව අඩු කර ඉඩම් නිදහස් කරන්න.. ජාතික ගීය දෙමළෙන් ගැයීම ඉතා හොදයි – බැන් කී මූන්

colombotoday

හෙට සිට දරුවන් එන්නත්කරණ ස්ථාන

colombotoday