Colombo Today Local News

සිල්වත් ලෙස රඟපාන කිරුළපන ධම්මවිජය හිමි රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල්ට තග දාලා. – අධ්‍යක්ෂ ජෙනරාල් පොලීසි යයි.

තමන් ඉතාමත්ම සිල්වත් භික්ෂුවක් ලෙස Faceebook සහ Youtube ඇතුළු සමාජ මාධ්‍යයන්හි පෙනී සිටින කිරුළපන ධම්මවිජිත නැමති භික්ෂුව විසින් ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට තර්ජනය කර, බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙනවා.

ජාතික රූපවාහිනියේ විකාශය කෙරෙන වැඩසටහනක් සඳහා එක්වීමට නියමිතව සිටි තවත් භික්ෂුන් වහන්සේ නමකට එම වැඩසටහන ලබා නොදෙන ලෙස අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට අදාළ භික්ෂුව විසින් තර්ජනය කර ඇති අතර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ තර්ජනය ගණන් නොගෙන සැලසුම් කර තිබූ වැඩසටහන විකාශය කිරීමට කරයුතු කර තිබෙනවා.

පසුව තමන්ටද වැඩසටහනක් ලබා දෙන ලෙස ඉල්ලමින් කිරුළපන ධම්මවිජය හිමි විසින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යලිත් තර්ජනය කර ඇති බවයි ජාතික රූපවාහිනී ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ.

මේ පිළිබඳව කුරුදුවත්ත පොලීසියට පැමිණිලි කිරීමට ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කර ඇත.

මීට ඉහතදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ලබා දුන් දුරකථන ඇමතුමක් පටිගත කර Youtube වෙත එක් කර තිබුනේ ද මෙම හිමිනම විසිනි.

Related posts

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin

නව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩ භාරගනී

Admin

මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි..

Admin

බැසිල් රාජපක්ෂ ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

ආණ්ඩුකාර නියෝගය නොතකා ශ්‍රීපාදස්ථානයේ නම වෙනස් කිරීමට මේ මැරයන් එව්වේ කවුද?

colombotoday