Colombo Today Local News

අවුරුදු දිනයේ තරුණියකට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු අත්අඩංගුවට

කිරුලපන කොළඹගේ මාවතේ පස්වන පටුමග ප්‍රදේශයේ පිහිටි තම නිවස අසල දී අසල නිවසක ජීවත් වූ තරුණියකට තමාගේ නිරුවත පෙන්වූ මැදි වයසේ පුද්ගලයෙක් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබූ අද (14) කිරුලපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල තරුණිය විසින් කිරුලපන පොලීසිය වෙත සිදු කල පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මෙම පුද්ගලයා විසින් අදාල තරුණියට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇදුම් ගලවා තමාගේ නිරුවත පෙන්වා ඇති බවත් එම අවස්ථාවේ එම තරුණිය විසින් තම ජංගම දුරකථනයෙන් එම සිදුවීම වීඩියෝගත කර ඇති බවට ද තොරුතුරු අනාවරණය වී ඇත.

මීට පෙර ද බොහෝ අවස්ථාවල මෙම පුද්ගලයා බීමත්ව හා මත්ද්‍රව්‍ය භාවිතා කර පැමිණ අසභ්‍ය වචන කියමින් කෑ ගැසීම හා යට ඇදුම පමණක් ඇඳ ඒ ආසන්නයේ පිහිටි නිවෙස් ඉදිරිපිටට පැමිණ අශෝභන ලෙස හැසිරෙන බව ද එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව ප්‍රකාශ කලේය.

අත්අඩංගුවට පත් සැකකරු විතානගේ ආරියවංශ නැමැති (55) හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් බවත් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හා මත්පැන් පානයට අබ්බැහිවූවෙක් බවත් එම ප්‍රදේශයේ ජනතාව පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් කිරුලපන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පොහොට්ටුවේ මහ සමුළුව එන මාසයේ… මහින්ද නිල වශයෙන් නායකත්වයට පත් කරයි…

colombotoday

ඩොලර් මිලියන 200ක ණයක්

Admin

“ජනපතිගේ මතය අගමැතිගෙත් මතයයි“ CID,FCID දේශපාලන අතකොළුවක් බව එජාපයත් පළිගනී

colombotoday

වෙනස් වූ දුම්රිය ගාස්තුව අද සිට ක්‍රිියාත්මකයි…

colombotoday

ඉන්ධන සඟවන පිරවුම්හල් සොයා මෙහෙයුම්

colombotoday

සමස්ථ ආණ්ඩුවම මෙහෙයවන්නේ එජාප ජාතික ලැයිස්තු ප්‍රභලයන් කිහිපදෙක් විසින්

colombotoday