World

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බව හෙළි වීමෙන් පසු පළමුවරට ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිටී.

චාල්ස් රජු සැන්ඩ්‍රින්හැම්හි දේවස්ථානය වෙත පසුගිය සෙනසුරාදා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඒ අනුව, චාල්ස් රජු තම බිරිඳ වන කැමිලා සමග දේවස්ථානයෙන් පිටත ඇවිද යන අවස්ථාවේ මහජනතාව වෙත අත දිගු කරමින් සිය ප්‍රතිචාරය දක්වා ඇත.

තමන් රෝගී වූ බව දැන ගැනීමෙන් පසු තමන්ට සහයෝගය දැක්වූ සහ නිරෝගි සුවය පැතූ සැමදෙනාට චාල්ස් රජු ස්තූතිය පළ කළ බව ද විදෙස් මාධ්‍ය පැවසීය.

චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව පසුගියදා බකිංහැම් මාලිගය පළමුවරට ප්‍රසිද්ධියේ නිවේදනය කළේ ය.

රජුගේ පිළිකාව හඳුනාගනු ලැබුවේ, විශාල වූ පුරස්ථි ග්‍රන්ථිය සඳහා ලන්ඩන් නුවරදී ප්‍රතිකාර ලබමින් සිටියදී බවත් සදහන් කරයි.

නමුත් රජුට වැළඳී ඇති පිළිකාව කුමක්දැයි තවමත් අනාවරණය වී නොමැති බවත් එය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවන බවත් මාලිගය තහවුරු කර තිබේ.

මේ අතර රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම හේතුවෙන් චාල්ස් රජු මහජනතාව හමුවී සිදු කරන සියලු රාජකාරීවලින් ඉවත් වී තිබෙන බව ත් තවදුරටත් සදහන් වේ.

Related posts

විශ්වාසභංගයෙන් පසු නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මා ට

Admin

ISIS ත්‍රස්තවාදීන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක්?

colombotoday

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

Admin

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුට

colombotoday

අපේ යුද ශක්තියෙන් තවම පෙන්නුවේ ටිකයි – පූටීන්

colombotoday

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

Admin