Uncategorized

කටුනායක “නෙක්ස්ට්” වසා දමයි! සේවකයින් 1,400ක් දොට්ට

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි නෙක්ස්ට් ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීමෙන් සේවකයන් 1,400 කට අධික සංඛ්‍යාවක් රැකියා විරහිත වී ඇති බව වාර්තා වේ.

ඉකුත් මැයි 19 වැනි දින රාත්‍රියේ සේවකයින් වෙත ලැබුණු වට්ස්ඇප් පණිවිඩයක් හරහා, මෙම කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන බවට දැනුම් දුන් බව එහි සේවකයින් කියා සිටී.

වසර 40 කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ කර්මාන්ත ශාලාවේ, ඉහළ යන මෙහෙයුම් පිරිවැය සහ අඛණ්ඩ මූල්‍ය පාඩු මෙම තීරණයට හේතු ලෙස සඳහන් කර තිබේ.

සමාගම විසින් සේවකයින් ඉවත් කිරීමේදී මාස දෙකක වැටුප ඇතුළුව සේවයෙන් පහකිරීමේ පැකේජයක් ලබා දී ඇති නමුත්, මෙලෙස කර්මාන්ත ශාලාව වසාදැමීම පවතින ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බවට වෘත්තීය සමිති චෝදනා කර සිටී.

Related posts

Flights to these big cities will be mega cheap in November

colombotoday

සහජීවනය හදන හැටි බුදු දහමින් ඉගෙන ගන්න… ලංකාවේ අපට විදෙස් මැදිහත්වීම් එපා – අගරදගුරුතුමා

colombotoday

දිලුම් දිලිත් සමඟ එක් වෙයි

Admin

ප්ලේන්ටිය රු.60යි. ආපනශාලාවලට පාරිභෝගිකයෝ යන්නේ නැහැ.

colombotoday

පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශන

colombotoday

ක්‍රීඩකයන්ගේ දීමනා කපා දමයි. | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රීඩකයෝ ගැටෙති

colombotoday