Colombo Today Local News

බැඳුම්කරෙන් අල්ලස් ගත් බව කියන මන්ත්‍රීන් ගැන කතානායක සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

අද දින (2018.06.07) පාර්ලිමේන්තුව ආරම්භයේ දී කථානායක කරූ ජයසූරිය සිදුකල විශේෂ ප්‍රකාශයක් කතානායක මාධ්‍ය අංශය විසින් අප වෙත ලබා දී තිබෙනවා…

නිවේදනය…

“බැඳුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුලත් පිටස්තරවත් ප්‍රකාශ වුනු ඇතැම් කරුණු හා වාර්තා ගැන කතානායකවරයා වශයෙන් පැහැදිලි කිරීමක් වහා කළ යුතු බව මාගේ හැඟීමයි.

අසත්‍ය, ගොතන ලද සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුනු හා ප්‍රකාශ වෙන විවිධ අදහස් නිසා සියළුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශාල කැලලක් ඇති වී තිබෙන බව සඳහන් කරන්නේ බලවත් සංවේගයෙනි.

කවුරුන් හෝ ගොතන ලද අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩි කර ‍ඉන් නොනැවතී සිවිල් සමාජයේ පිලිගත් චරිත කීපයකටද අසාධාරණ ලෙස පරිභව කරමින් සීමාවක් නෙමැතිව කෙරෙන මෙම පදනම් විරහිත චෝදනා නවතන ලෙස පිලිගත් මාධ්‍යයද ඇතුලුව සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

බැඳුම්කර වාර්තාවලට ඇතුලත් විය යුතු සියළු අදාල ලිපි ලේඛන සියල්ල මා වෙත කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු දිවයිනට පැමිණි විගසම නිතිපතිවරයාගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාල සියළු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත.

මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශවිසින් මා දැනුවත් කර ඇත. ‍එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පැතිරුණ ආරංචියද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලිසිය මා වෙත දන්වා ඇත.

අම්පාරේදී වඳ බෙහෙත් මිශ්‍ර කළ අල හොද්දක් ගැන ඇති වූ බොරු ප්‍රචාරයෙන් රට ගිනිගත් ආකාරය අප සිහි කරන්නේ දැඩි කනගාටුවෙන්. දැන් ඇති වී තිබෙන තත්ත්වයද රටට ඉතා අහිතකර බව පෙන්වා දීමට කැමැත්තෙමි. ඊයේ සිට සමහරු මන්ත්‍රීන් දිවුරුම් පෙත්සම් දීමටත්, සමහර මන්ත්‍රිවරුනට මාධ්‍ය හරහා ගොස් මුදල් ලබා නොගත් බවට සහතික කිරීමත් අනවශ්‍ය හා සාවද්‍ය ක්‍රියාවක් ලෙසට විශාල ජනමතයක් රටේ ගොඩ නැගෙනමින් පවතී. කවුරුන් මොනවා කීවත් අප අවනත විය යුත්තේ අපගේ හෘද සාක්ෂියට පමණි.

බැඳුම්කර පිළිබඳ විමර්ශනවලදී මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් අවශ්‍ය පියවර වහාම ගන්නා බවට පොලීසිය අපට දන්වා ඇත. එම නිසා මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියළු පාර්ශ්වවලටත්, මාධ්‍යයටත් මා ආයාචනා කරමි. “

Related posts

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි

colombotoday

මුදල්-රත්‍රන් පුදමින් වදින ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට ලිපියක්

Admin

“උපන් මවත් වැදූ මවත් ස්වර්ගයට වඩා වටී” එනිසා මේ රටේ මිනිසුන්ට හිනාවෙන්න පුළුවන් පරිසරයක් හදන්න – ඥානසාර හිමි

colombotoday

අපේ ප්‍රශ්න කියන්න ගියාම ජනපතිගේ ප්‍රශ්න අපට කියනවා.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ

colombotoday

රජයේ සහන ප්‍රමාණවත් නෑ.. දන්සැල්, මුදල් අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන්න

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin