Colombo Today Local News

පාසල් ලමුන් සඳහා නොමිලේ හෙරොයින් | ඇබ්බැහි වුවාට පසු ජාවාරමට හවුල් කරගෙන.

පාසල් ලමුන් සඳහා නොමිලේ හෙරොයින් ලබා දී එයට සිසුන් ඇබ්බැහි කරමින් ගැණුම් කරුවන් හට එම පාසල් සිසුන් හරහා හොරෝයින් විකුණූ මහා පරිමාන ජාවාරම් කරුවෙකු හෙරෝයින් මිලි ග්‍රෑම් 6820 ක් සමඟ කලා වැව ධීවර ගම්මානයේදී අත් අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය කියයි.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ වර්ණකුල සූරියගේ මර්වින් නිලන්ත කුමාර නැමති අංක 28 , ධීවර ගම්මානය, කලාවැව පදිංචි අයෙකි.
පසුගියදා (06) අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පො.ප රුවන් ජයවර්ධන මහතාට ලඳ තොරතුරකට අනුව විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක සිට කොළඹ ප්‍රදේශයෙන් හෙරොයින් රැගෙන විත් මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදු කර ඇත. පාසල් සිසුන් සහ තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් සිදු කළ මෙම මහා පරිමාන හෙරොයින් ජාවාරමේ ජාවරම් කරු විසින් හෙරොයින් සඳහා පාසල් සිසුන් ඇබ්බැහි කර ගැනිමේ අරමුණින් සිසුන් හට නොමිලේ හොරොයින් ලබා දී ඇත. ඒ අනුව පාසල් සිසුන් එයට පොලබවා එම සිසුන් හරහා ගැණුම් කරුවන් සඳහා හෙරොයින් ලබා දීමට ජාවාරම් කරු කටයුතු කර ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලින් හෙලිව ඇත.

මේ පිළිබඳ වැඩි දුර පරික්ෂණ සිදු කළ අපරාධ විමර්ශන කාර්යංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මෙම ජාවාරම් කරුට විරුද්ධව අනුරාධපුර දිසා මහා අධිකරණයේ චෝදනා ගොණු කිරීමට නියමිත ඇත.

පො.සැ 48326 ශාන්ත, පො.කො 66935 විජේරත්න, 71448 සමීර, 82440 දිසානායක, 84137 බණ්ඩාර, 88834 සමන් , 39644 ජයවීර යන අය මෙම වැටලීම සිදු කර ඇත.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව CID අත්අඩංගුවට

colombotoday

අගමැති, ජනපති ජෝඩුව ගෝඨාගේ නමටත් බයයි.. හේතුව ගම්මන්පිල කියයි

colombotoday

බදුල්ලේ ජල මුලාශ්‍ර සියයට සියයකම අසුචි

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin

මහ රැ රහස් පොලිස් මූලස්ථානය අසලට පැමිණි කවුද මේ සුදර්ශන ගුණවර්ධන

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday