කහතුඩුව පොලිසිය පවසන්නේ සිය පරණ පෙම්වතිය සමඟ සබඳතාවක් පවත්වාගෙන ගියැයි උරණ වූ තරුණයකු තවත් තරුණයෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇත.
පහර කෑමෙන් බරපතල තත්ත්වයේ පසු වූ තරුණයා ප්‍රතිකාර සඳහා වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කළ බව පොලීසිය කියයි.
තරුණිය මෙම සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම සම්බන්ධතාවය මීට මාස කිහිපයකට පෙර නැවැත්වීමෙන් පසු පහර කෑමට ලක් වූ තරුණයා සමග අලුතින් සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති බවක් පොලීසියට වාර්තා වේ.