Colombo Today Local Newsfeatured

ඊබ්‍රහිම්ගෙන් පසු ජවිපෙ අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග අලුත් ගමනක.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය සෙනසුරාදා (13) “ජාතික ජන බලවේගය” නමින් ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපාරය සඳහා අන්තවාදී මත දරන ඉහ්වාන් මුස්ලිම් සහ ජමාතේ ඉස්ලාමි යන මුස්ලිම් සංවිධාන දෙක එක්වී තිබෙනවා.

එම්.එස්.එම් ෆාරිස්

මේ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලේකම් නීතිඥ එම්.එස්.එම් ෆාරිස් සභාව අමතමින් කතාවක් ද සිදු කර ඇත.

බංගලාදේශයේ ක්‍රියාත්මක ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලියාපදිංචිය තහනම් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය 2013 වසරේදී නියෝග කර ඇත. හින්දු ජනතාව සමූල ඝාතනය කිරීමට වැරදිකරු වූ එම සංවිධානයේ නායක නසාමි නැමැත්තා 2016 මැයි 11 දින ඩකා බන්ධනාගාරයේදී එල්ලා මරා දමන ලදි.

ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක ජමාතේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය මෙම වසරේ මාර්තු මස තහනම් කරණ ලද අතර ඉන්දියන් රුපියල් කෝටි 52ක් පමණ වටිනාකමකින් යුත් මද්‍රසා පාසල්, නිශ්චල සහ චංචල දේපල රාජසන්තක කරන ලදි. 200කට අධික ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට පත්විය.

මොහොමඩ් ඉබ්‍රහිම්

මේ අතර පාස්කු ඉරිදා සිදුවූ අන්තවාදී ප්‍රහාරයට සැකපිට දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සුප්‍රසිද්ධ හාජ්ජියාර් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් නැමති පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේන් 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වූ පුද්ගලයෙකි. ඔහුගේ පුතනුවන් දෙදෙනා හෝටල් දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බ කරුවන්ය. ඔහුගේ දෙමටගොඩ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ෆාතිමා ජෙෆ්රි නමැති එක් පුත්‍රයෙකුගේ බිරිඳක් බෝම්බයක් පුපුරුවා ගන්නා ලදි.

උපුල් කුමාරපෙරුම

මේ අතර බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව සාක්ෂි ලබා දුන් 2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක උපුල් කුමාරපෙරුම ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.

2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව

Related posts

මුහුදේ දිය නෑමට ගිය අයෙක් ජීවිතක්ශයට

Admin

කෝටි හයකට අධික ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

“ජිනීවා ගිහින් රජයේ හමුදාව පාවා දුන් සන්ධ්‍ය එක්නැලිගොඩ තවමත් නිදැල්ලේ.. කෝ නීතිය” – මේජර් අජිත් ප්‍රසන්න

colombotoday

ආණ්ඩු විරෝධින් ඥාණසාර හිමියන්ට පහර ගැහැව්වේ උන්වහන්සේ ඔවුන්ගේ පොදු සතුරෙක් නිසා විනා රතනවත් කිරුළුපනේවත් කරපු දේ හරි නිසා නොවෙයි.

colombotoday

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin