Colombo Today Local News

දුරකථන සංවාදවලින් ජවිපෙත් රෙදි ගැලවෙයි… මොහොමඩ් ඊබ්‍රහිම් නිදහස් කිරීමට CID ශානි අබේසේකරට ජවිපෙන් ඇමතුම් !

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක සහ ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් නැමැත්තා නිදහස් කිරීමට හැකිදැයි ඇසීමට ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු විසින් හිටපු CID ප්‍රධානී ශානි අබේසේකරට 2019 අප්‍රේල් 22 වනදා ඇමතුම් 2ක් ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයට අදාල විමර්ෂණ කටයුතු උදෙසා සිදුකළ දුරකතන දත්ත විමර්ෂණ හා ප්‍රශ්න කිරීම් ඔස්සේ මේ බව හෙළිව තිබේ.

මෙහිදි අදාල මන්ත්‍රීවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව මොහොමඩ් ඊබ්‍රාහිම් විසින් දැන සිටි බව තමන් විශ්වාස නොකරන බවත් ඔහුව නිදහස් කිරීමට හැකියාවක් ඇත්තදයි විමසා ඇති අතර, ශානි අබේසේකර ප්‍රකාශ කර ඇත්තේ අධිකරණයට ඊබ්‍රාහීම් ඉදිරිපත් කළ විටෙක ඇප ලබා ගැනීමට අවස්තාවක් පවතින බවයි.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 24 දින රැස්වූ ප්‍රථම පාර්ලිමේන්තු සැසියේදි අදාල මන්ත්‍රීවරයා නියෝජනය කරනා පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉලක්ක කර ඔවුන්ගේ පක්ෂයට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් වන බවත් ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ අයෙක් යැයි තමන් විශ්වාස නොකරන බවය. පුතාලගේ වැරදිවලට පියාට බැණ වැදීම අසාධාරණ බවද ඔහු වැඩි දුරටත් පැවසූහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුවීම පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

lankamag

Related posts

විදුලි කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

Admin

රජයේ සේවකයෝ 60%ක් පැය8න් පැය 2ක් ෆෝන් එකේලු.. රාජ්‍ය ‍සේවය පල්ලම් බහින්න ඒකත් හේතුවක්!

colombotoday

අද සහ හෙට පාර්ලිමේන්තුව වැසේ : ආරක්ෂාවට සිටි STF කණ්ඩායමත් ඉවත් කරයි

colombotoday

මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව වටලයි

colombotoday

බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායක

colombotoday

මැතිවරණ ව්‍යාපාරයේ මුදල් සොරකම් චෝදනා – චම්පික, මංගල, මලික්, කබීර් වගකිව යුතුයි

colombotoday