Colombo Today Local News

ශ්‍රී ලංකාව සහ තවත් ආසියානු රටවල් 11කට ජපානයට ඇතුළුවීම තහනම්

ශ්‍රී ලංකාව ද ඇතුලත්ව ආසියානු කලාපයේ රටවල් 11කට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර ඇත. කොවිඩ් අවදානම් ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපතති වල ඇති වූ වෙනසක් මත එම තහනම පනවා තිබේ.

තහනම බලපැවැත්වෙන රටවල් වන්නේ ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල් කිහිපය කටයි.

එසේම ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වුවද මෙම තහනම ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31තෙක් බල නොපාන බව සඳහන් වනවා.

ලක්ෂ 03කට පමණ ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් ජපානයෙන් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 4,000කට වැඩි පිරිසක් බව සඳහන් වී ඇත.

Related posts

කැන්ටිමේ දී කංසා හොඳයි සභාවෙදි නරකයි – විපක්ෂයේ දෙබිඩි පිළිවෙත් ගැන අජිත් රාජපක්ෂ කියයි

Admin

99 බද්දට හම්බන්තොට වරාය චීනෙට විකුණාදැමීමේ ගිවිසුම් සකස්කර අවසන්

colombotoday

කරාටේ ශූරයාට මරු කැදවූ පාතාල ලොකූ මෙන්න!

colombotoday

අන්තරේ විරෝධයේදී පහර කැ පොලිසියේ තුනක් රෝහලේ…

Admin

ඉන්දීය යුධ නැව් තුනක් කොළඹ එයි

colombotoday

ඇමති අනුකමිටු වාර්තාව එයි.. IOC බේරා ඛණිජ තෙල් සංස්ථාව මත වරද පටවයි !

colombotoday