Colombo Today Local News

ඇමති ජනක බණ්ඩාරට එරෙහි මිනීමැරුම් නඩුවක් අභියාචනාධිකරණය බලරහිත කරයි

1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාර තෙන්නකෝන් මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සම් මඟින් සඳහන් කර තිබුණේ, 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කළ බවය.

එම අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරු නවාස් මහතා පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය පවත්වා තිබෙන ලඝු නොවන නඩු විභාගය නිත්‍යානුකූල නොවන බව සඳහන් කර ඇත.

Related posts

යහපාලන දුෂණ විමර්ෂණ වාර්තාව ජනපති අතට… රාජිතට, අකිලට, සජිත්ට, කිරිඇල්ලට දූෂණ චෝදනා !

colombotoday

මුහුදු ගිය සැමියා එද්දී බිරිඳ අභිරහස් ලෙස මිය ගිහින්

Admin

මලික් ගෙතු බොරු සියල්ල මහින්දානන්ද එකින් එක දිගඅරියි.. මලික්ට කට උත්තරත් නැති වෙයි. Video

colombotoday

රවීගේ සැක සහිත ගනුදෙණුවක් ! කබීර් හෂීම්ගේ විරෝධය

colombotoday

නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්… (Video)

colombotoday

හරක්කටාට CIDයෙන් පනින්න උදව් කළ සැකකරුවෙකුගේ නිවසින් ජංගම දුරකතන තොගයක් සොයා ගැනේ…

Admin