පොළොන්නරු දිස්ත්‍රික්කයේ තමන් කඩුව ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ ඕනෑගම සිංහරාජ ග්‍රාමයට පහලින් ගලා යන පෙරීආරු ගඟ හරස්කොට ඉදිකර ඇති වේල්ලට ඉහලින් ලංකාපුර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුල මහා පුරාවිද්‍යා සංහාරයක් කරමින් අක්කර 2000ක් විනාශ කර කුඹුරු වගා කිරීමට අසල ඇති මුස්ලිම් ග්‍රාමයේ පිරිස් කටයුතු කර තිබුණු අතර මේ ප්‍රදේශය බේරා ගැනීමට කලක සිට සිවිල් සංවිධාන දැඩි පරිශ්‍රමයක් දැරූ අතර අධිකරණය විසින් මෙම විනාශ කර ඇති අක්කර 2000 යලි වනෝද්‍යානයට පවරමින් පැහැදිලි තීන්දුවක් ද ලබා දී ඇත.
ජාතික වනෝද්‍යානය ලෙස 1984-1985 ප්‍රකාශයට පත් කරන ලද ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හෙක්ටයාර් 17350 කින් සමන්විත වේ. අලින්ගේ නිජබිම ලෙස ජෛව විද්‍යාත්මක ඉතා ඉහළ වටිනාකමක් ඇති මෙම වනෝද්‍යානය තුළ බොහෝ විල්ලු පද්ධතීන්ද ද පිහිටා තිබේ. මේ වන විට ඒ විල්ලු පද්ධතිය විනාශ කොට කුඹුරු අස්වද්දා ඇත.
එවන් අවස්ථාවක වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඊයේ (26) එම ප්‍රදේශයේ සංචාරයක නිරතවිය. විනාශ කර දමා තිබියදී අධිකරණ තීන්දුවකින් යලි වනෝද්‍යානයට පවරා දුන් කොටස ගවයින්ට තෘණ කැවීමට සහ වගාකටයුතු සඳහා ලබාදීමට අමාත්‍යවරයා කටයුතු සුදානම් කර ඇති ආතර ප්‍රදේශයේ සංවේදී බව තේරුම් ගත් වනජීවී නිලධාරීන් එයට තදින් විරුද්ධ වී ඇත. එම අවස්ථාවේ නිලධාරීන්ට තර්ජනය කරමින් අමාත්‍යවරයා චන්ඩියෙකු සේ හැසිරී ඇත.
2017 වසරේදී පුරාවස්තු බේරාගන්න ගිය ඥානසාර හිමිට නඩු
සෝමාවතිය පුදබිමට අයත් පරිවාර චෛත්‍ය පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශය තුලය. 2017 වසරේදී බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමග මාධ්‍යවේදීන් ප්‍රදේශයේ සිදුකල සංචාරයකදී චෛත්‍ය 18ක් විනාශ කර ගවමඩු සාදා ඇති ආකාරයක් සහ අති විශාල පුරාවස්තු සංහාරයක් නිරීක්ෂණයවිය. එම ස්ථානයේ සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් උන්වහන්සේට විරුද්ධව නඩුවක් ද තවමත් විභාග වෙමින් පවතියි.
ජලගැලුම් නිම්නයේ සිදුවෙන අපරාධ
ඒ වගේම ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුල ✔විශාල කුඹුක් ගස් සේම වටිනා විවිධ ගස් කපා විකිණීම. ✔ස්වාභාවිකව පිහිටා ඇති විල්ලු පද්ධතිය විනාශ කොට වගා කටයුතු කිරීම. ✔අලි ඇතුන් සේම විවිධ වනසතුන්ගේ නිජබිමක් වූ සෝමාවතී වනෝද්‍යානය විනාශ කිරීම හේතු කොටගෙන අලි ඇතුන් ගම් වැදීම මෙන්ම,වගා බිම් වලට වෙන හානිය වළක්වා ගැනීමට එම සතුන් මරා දැමීම. ✔දඩමස් ජාවාරම. ✔නීති විරෝධී මත්පැන් පෙරීම මෙන්ම විවිධ වූ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු කිරීමට, ප්‍රවාහන මාර්ගයක් හැටියට එම වනෝද්‍යානය භාවිත කිරීම සිදුවෙන අතර ඒ සඳහා වෙනම ප්‍රවේශ මාර්ග ද තනා ඇති බව ප්‍රදේශයේ සංචාරය කරන ඕනෑම කෙනෙකුට දැකගත හැකිය.
ඉතා සංවේදී පාරිසරික කලාපයක මෙන්ම පුරාවිද්‍යා කලාපයක පිහිටි මෙවන් ජාතික උරුම නූගත් අමාත්‍යවරුන්ගේ ද මැදිහත්වීමෙන් විනාශ කිරීම සඳහා හැටනම ලක්ෂයක ජනවරම ලැබුනේද? යන්න ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ප්‍රශ්න කල යුතුව ඇත. ජෙෂ්ඨත්වය මත හෝ වෙන යම් කරුණක් මත මොට්ටයින්ට අමාත්‍යධුර ලබා දී ජනාධිපතිවරයා බලාපොරොත්තුවන සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කර ගැනීම හැකියාවක් තිබේද?
යහපලකයින්ගේ තර්ජන ගර්ජන හමුවේ මෙම ප්‍රදේශ රැක ගැනීමේ මාධ්‍ය යුතුකම අප ඉටුකළ බැවින් මාතෘ භූමියට අසාධාරණයක් සිදුවෙන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව රට වෙනුවෙන් හඬ නැගීමට අපට අයිතියක් ඇති බවද අවසාන වශයෙන් මතක් කිරීමට කැමැත්තෙමු.
පසුගිය සතියේ අවසන් ගමන් ගිය සද්ධන්තයා
පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කර ගඟට දාලා. ජලය සීදී ගිය පසු මතුව ඇති අයුරු…
ජලගැලුම් නිම්නය පුරා විනාශකර දමා ඇති පුරාවස්තු
රක්ෂිතය තුලු සිදුවන ගව පාලනය
2017 මැයි 15 අප වාර්තාකළ පුවත…
2017 මැයි 15 අප වාර්තාකළ පුවත…
2017 ජූලි 25 අප වාර්තා කල පුවත….
2020 මාර්තු 5 අප වාර්තා කල පුවත….