Colombo Today Local NewsUncategorized

පියාගෙන් සොරකම් කල පෙති මිතුරන් සමග පානය කල දරුවන් මත්වී රෝහල් ගත කරලා

05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සිව් දෙනෙකු මත් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ. ඒ කුරුණෑගල – මාදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි.

රෝහල්ගත කර සිටින සිසුවෙක් තම පියා විසින් සඟවා තිබූ කිසියම් පෙති වර්ගයක් පාසලට ගෙන ගොස් සෙසු සිසුන් තිදෙනා සමඟ පානය කිරීම නිසා ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔවුන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

පොලීසිය සඳහන් කළේ, මත්පෙති පාසලට රැගෙන ගිය දරුවාගේ පියා මත්ද්‍රව්‍ය නඩු කිහිපයක් ඇති හෙරොයින් මත්ද්‍රව්‍යයට තදින් ඇබ්බැහි වූවෙක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදුරාගොඩ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin

මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් සමග ඇමති බදියුදීන්ගේ සමීප සබදකම් මෙන්න…

colombotoday

පොලිස් කාර් රථයකට පහර දී කොටස් ගලවා ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

Admin

නාලක සිල්වාට ඇප ඉල්ලූ පෙත්සම විභාග නොකරම ඉවතට

colombotoday

“ජනතාව කුපිත වෙලා ඉන්නේ.. වර්ජනය කරන දොස්තරලා ගැන බලා ගනී“ – රාජිත

colombotoday

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

colombotoday