Colombo Today Local News

IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්

අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමෙන් පසු සිය පාඩුව ආසන්න වශයෙන් දිනකට රුපියල් මිලියන 38කින් වැඩි වූ බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා. 

එහි සභාපති ධම්මික රණතුංග පැවසුවේ තමන් පෙට්‍රල්, ඩීසල් මෙන්ම භූමිතෙල් ද අලෙවි කරන්නේ  පාඩු ලබමින් බවයි.

අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිමෙන් පසු සිය පිරවුම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයින් ගණන වැඩිවී ඇතැයි ද පාඩු වැඩිවූයේ ඒ නිසා බවද ඔහු පවසයි.

අයි ඕ සී සමාගම මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවි කරන්නේ ලීටරයක් රුපියල් 126ටයි. එහෙත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117ක්.

අයි ඕ සී සමාගමේ පිරවුම්හල්වල ඩීසල් අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 100ටයි. එහෙත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව තවදුරටත්් ලීටරයක් රුපියල් 95ක මිලකට ඩීසල් අලෙවි කරයි.   

අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල මෙලෙස වැඩි කළේ ඉකුත් 24 වනදා සිටයි. ඒ අනුව ගත වූ සතියක කාලයේදී ලංකා ඛණිජ තෙල් සංස්ථාව ලබා ඇති අතිරේක පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 266ක්.

Related posts

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

colombotoday

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ ඉවත් කරයි

colombotoday

අගමැතිට නඩු දාන්න බැරිවෙන පනතක් පාර්ලිමේන්තුවට..!

colombotoday

නුවරඑළියේ වැඩිම මනාප ජීවන් තොණ්ඩමන්ට

colombotoday