Top StoriesWorld

ඉන්දියාව යුධ අභ්‍යාස කරද්දී පාකිස්ථානය මිසයිල ටෙස්ට් කරයි

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මතුව ඇති යුදමය වාතාවරණය උද්ගතව ඇති
පසුබිමක ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

යුද අභ්‍යාස ගුවන් පුහුණුව සිදුකර ඇත්තේ උත්තර් ප්‍රදේශයේ ඇති දිග කිලෝමීටර 3.5ක් වන ගංගා අධිවේගී පථයේ දීය.

මෙම යුද අභ්‍යාසය සඳහා ඉන්දියාවට අයත් ගුවන් යානා රැසක් එක් කර තිබූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන් පාකිස්ථානය විසින් අද (03) පස්වරුවේ බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වන මත ගැටුම් තවදුරටත් උග්‍ර විය හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දෙරට අතර ජාත්‍යන්තර දේශසීමාව වෙන් කරන පාලන රේඛාව ඔස්සේ නිතිපතා සටන් විරාම උල්ලංඝනයන් සිදුකරමින් පාකිස්ථානය විසින් ඉන්දියාව කුපිත කිරීමට උත්සාහ ගන්නා බවටද පාකිස්තානයට චෝදනා එල්ල වේ.

සටහන-සත්සරණී

Related posts

යාපනයේ චෙම්මනියේ කැණීම් අතරතුර මිනිස් ඇටසැකිලි හතක් සොයා ගැනේ

Admin

ජර්මනිය සෞදි අරාබියට අවි ආයුධ සැපයීම නවත්වයි

colombotoday

අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන්න කියූ ඉම්රාන් ඛාන් අමුතු ඇඳුමකින් අධිකරණයට එයි

Admin

දෝෂාභියෝගය සම්මතයි.. බ්‍රසීල ජනපතිනිය තනතුරෙන් නෙරපයි !

colombotoday

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

colombotoday

ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අධිකරණයෙන් තවත් බාල්දියක්

colombotoday