Colombo Today Local NewsTop Stories

දේශබන්දු තෙන්නකෝන්ට තවත් නඩුවක්!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ගොනුව සකස්කර අවසන් බව සඳහන් කරමින් ඔහුට එරෙහිව ගතයුතු ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නිතීපතිවරයා සූදානම් බව, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම විසින් ඊයේ (22) මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාසට දැනුම් දී තිබේ.

ඒ මාතර, වැලිගම පැලෑන W-15 හෝටලයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ දේශබන්දු, ඇප ලබාගැනීමෙන් පසු ක්‍රියාකළ ආකාරයෙන් අධිකරණය අපහාසයක් වී ඇත්දැයි විමර්ශනයක් කළ යුතු බව, මාතර මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ පසුගිය අප්‍රේල් 25 වැනිදායි.

ඒ අනුව, අධිකරණයට අපහාසක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් කටයුතු කිරීමට තම අධිකරණයට නෛතික බලයක් නොමැති බැවින්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අභියාචනාධිකරණය හමුවේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු ගොනුකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා, නීතිපතිවරයාට දැනුම් දෙන ලදී.

අධිකරණ ආඥාවන් උල්ලංඝණය කිරීම සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ දේශබන්දු තෙන්නකෝන්ට සහ ඇප ලබාදීමෙන් පසු ඔහුව මෝටර් රථයකින් අධිකරණ සංකීර්ණයෙන් පිටතට රැගෙන ගිය රොෂාන් ලක්ෂිත යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දේශබන්දු තෙන්නකෝන් ඇතුලු සැකකරුවන් අද අධිකරණය හමුවේ පෙනීසිටි අතර, කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නඩුව ඔක්තෝබර් 10 වැනිදා කැඳවීමට දින නියම කරන ලදී.

Related posts

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday

සභාපති වජිර අඹේවර්ධන. මහ ලේකම් රංගේ බණ්ඩාර. නායක ? | එජාපයේ වෙනස් වුනු තනතුරු

colombotoday

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

Admin

“රටට අත නොතබනු” නුගේගොඩ බොදු සමුළුවේ විශේෂ අවස්ථා

colombotoday

රාජ්‍ය සේවක වැටුප මාර්තුවේ සිට කොටස් දෙකකට කැඩෙයි !!

colombotoday

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin