Colombo Today Local News

“කරන්න බැරිනම් යන්න.” ජනපතිගෙන් පොලිස්පතිට අවවාද

පාතාල අපරාධකරුවන් මැඬලීම සඳහා නීතිය හා සාමය අමාත්‍යාංශයත්, පොලිස්‌ දෙපාර්තමේන්තුවත් දක්‌වන ක්‍රියාකාරීත්වය ප්‍රමාණවත් නැහැ කියා රජයට පෙනී යනවා නම් කරන්න පුළුවන් කෙනෙකුට ඒ වැඩේ භාර දෙන්න අපට සිදු වෙනවා යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (31 වැනිදා) ප්‍රකාශ කළේය.

වැලිසර අධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌ වෙමින් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පසුගිය දිනවල රජයට චෝදනා එල්ල වුණා පාතාල අපරාධකරුවන්ට හිස ඔසවන්න අපි ඉඩදීලා කියලා. ඒ ගැන අපි සිතිය යුත්තේ අපක්‌ෂපාතීවයි. ඒ චෝදනාව සාධාරණ චෝදනාවක්‌ කියලා මම පිළිගන්නවා. අපරාධකරුවන් මර්දනය කරන්න නීතිය හා සාමය අමාත්‍යාංශයට, පොලිස්‌ දෙපාර්තමේන්තුවට තමයි වෙන්නේ. පුදුමයි බොහෝ වෙලාවට ප්‍රසිද්ධ අපරාධකරුවන් අපරාධ සිද්ධ කරලා ඔන්න කියනවා එයා රටින් පිටවෙලා කියලා. මේ අපරාධකරුවන්ගේ නාම ලේඛන, තොරතුරු සියල්ල පොලිසිවල තියෙනවා. පවුල්වල තොරතුරු තියෙනවා. හැඳුනුම්පත් තිබෙනවා. ඒ අයට විදේශ ගමන් බලපත්‍ර තිබෙනවා නම් ඒවා ගුවන් තොටුපළේ පරිගණකවලට ඇතුළත් කරලා නැද්ද? මෙන්න මේ අය අපරාධකරුවන්ගේ ලේඛනය. මේ අයට ගුවන් තොටුපළෙන් යන්න දෙන්න එපා කියලා. නමුත් කියන්නේ ඕනෑම සිදුවීමක්‌ වුණාම එයා දැන් රටෙන් පැනලා ගිහිල්ලා කියලා.

මම ගිය සතියේත් පොලිස්‌පතිතුමාට ටිකක්‌ තදින් කතා කළා. නීතිය හා සාමය අමාත්‍යාංශයත්, පොලිස්‌ දෙපාර්තමේන්තුවත් මේකේ සම්පූර්ණ වගකීම ගන්න ඕනෑ. ඒ සඳහා දේශපාලන බලපෑම් තිබෙනවා නම් අපට දැනුම් දෙන්න ඕනෑ. ඒ නිසා පාතාල අපරාධකරුවන් මර්දනය කිරීම පිළිබඳව කාලය පිළිබඳව කිසිසේත් නොසිතා වහ වහා අදාළ ආයතන කටයුතු කිරීම අවශ්‍යයි. රජයට පෙනී යනවා නම් ඒ ක්‍රියාකාරීත්වය මදියි කියලා අපට සිදුවෙනවා ඒ වැඩේ කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න.

Related posts

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

Admin

ටෙලිකොම් – මොබිටෙල් මුල් පුටු මාරුවක්! ජනපති මල්ලී නැවතත් සභාපති. රෝසි‍ගේ පුතුත් අධ්‍යක්ෂ මණ්ඩලයට

colombotoday

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

colombotoday

පොලොන්නරුවේ වි මිලදී ගැනීම අරඹයි

colombotoday

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව සම්මතයි

colombotoday

”වරාය නැගෙනහිර පර්යන්තයෙන් බාගයක් විකුණනවා.. හොද ආයෝජකයෙකුත් හමුවුණා” – වරාය ඇමති

colombotoday