Colombo Today Local News

38 වැනි ලෝක කම්කරු දිනය අද

38 වැනි ලෝක කම්කරු දිනය අදට (01)දිනට යෙදී තිබෙනවා.

1886 මැයි මස 01 වැනි දා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 8කට සීමා කරන්නැයි ඉල්ලමින්.

වැඩ වරා, සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක් වූ පිරිස 1000කට අධික වූ අතර තුන්වැනි දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවුවා.

1886 මැයි මස 3 වැනි දා වැඩ වර්ජනයේ තීරණාත්මක දිනයකි.

හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් කම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අතර සිව්දෙනෙකු මියගියා.

දින 4ක් පුරා පැවැති මේ වැඩ වර්ජනයට ලක්ෂ එක හමාරකට වැඩි පිරිසක් එක්වන්නට පටන් ගත් අතර පෙර දින පහරදීමට එරෙහිව මැයි මස 04 වැනි දා කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවර හේමාර්කට් චතුරශ්‍රයට එක් රැස් වුණා.

පොලීසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මියගියා.

ගැටුම තවත් වර්ධනය වුනේ, පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට ජීවිත අහිමි කරමින්.

මෙම ගැටුමේදී මිය ගිය කම්කරුවන් සංඛ්‍යාව කොපමණදැයි අදටත් නිශ්චිත නැත.

සටනට පණ දුන් කම්කරු නායකයින් වූ – ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්, සැමුවෙල් ෆීල්ඩන්, ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔස්කා නිබේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව නඩු පැවරුණා.

ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්ට සහ මයිකල් ෂ්වොබ්ට නියම වුණේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ය.

සෙසු 5දෙනා එල්ලා මැරීමට නියම කෙරුණා.

සේවා අයිතීන් වෙනුවෙන් අරගල කරමින් රතු ලේ වැගිරු එම කම්කරු සගයින් සදාතනිකව සිහි කළ යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ 1889 වසරේදීයි.

ඒ අනුව, සෑම වසරකම මැයි මස පළමු වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව පළමු වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේදීයි.

Related posts

රුපියල් 10,000 මුදල් නෝට්ටුවක් මුද්‍රණයට ? ඇත්ත නැත්ත මෙන්න

colombotoday

“ත්‍රස්තවාදය තුරන්කර ජීවත්ව සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ බව ජනපති සිරිසේන අමතක කරලා” නාමල් ජනපතිට මතක් කරයි

colombotoday

යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි අද සිට

Admin

මෙන්ඩිස් අරක්කු සමාගමේ සම්පූර්ණ අයිතිය රවීට.. අමාත්‍යාංශ බලතල යොදා අනිකුත් සමාගම් කුඩුපට්ටම් කිරීම ඇරඹේ

colombotoday

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්

Admin

20 ගේන්නේ බැසිල් පාර්ලිමේන්තු ගේන්නද? මෛතී‍්‍රට තනතුරු දෙන්නද?

colombotoday