Colombo Today Local News

දිවයිනට බලපාඇති ආපදා තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17ක් මියගොස් 13ක් තුවාල ලබා එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වූ බවයි.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 41 610 කට අයත් 161 290 ක් පීඩාවට පත්ව සිටී.

ඉන් නිවාස 3381කට අර්ධ හානි සිදුව තවත් නිවාස 17කට පූර්ණ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ වනවිට ආරක්ෂිත ස්ථාන 123ක පවුල් 1888කට අයත් 8212ක් රඳවා තබා ඇතැයිද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Related posts

රුවන් විජයවර්ධන ප්‍රංශ තානාපති හමුවෙයි

Admin

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

colombotoday

ගම්පහ ආසාදිතය‍ෝ 185ක් දින ගණන් ගෙවල් වල

colombotoday

“රණවිරු මාපිය රැකවරණ” දීමනා මුදලින් රුපියල් මිලියන 08 ක් අතුරුදහන්

colombotoday

රත්‍රං මිල අදත් පහළ යයි

Admin

නීතිවිරෝධීව පැවැත්වු ‘ආවා’ කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් වටලයි

colombotoday