Colombo Today Local News

හිස්බුල්ලාගේ හිරා පදනම ලියාපදිංචි කර ඇත්තේ හොරට. | පල්ලි ලියාපදිංචියටත් බලපෑම් කරලා.

හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා මුස්ලිම් පල්ලි ලියාපදිංචි කිරීමේදී මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට බලපෑම් කර ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී ඊයේ (13) අනාවරණය විය.

හිස්බුල්ලා මහතා සභාපතිත්වය දරන හීරා පදනම යළි ලියාපදිංචියේදී නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් බැහැරවී ලියාපදිංචි කර ඇති බවද කොමිසම හමුවේ අනාවරණය විය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම දින 16කට පසු ඊයේ ආරම්භ වූ අතර, එය ඊයේ සිට යළි මාධ්‍යයට විවෘත විය.

කොවිඩ් -19 ව්‍යාප්තිය සහ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු එම කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීය.

සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වූයේ එම පරිශ්‍රය විෂබීජ හරණය කිරීමෙන් පසු කොමිසම් සභා ශාලාවට පිටතින් මාධ්‍යවේදීන්ට රැඳී සිටීමට පහසුකම් සලසා නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේයි.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ ශ්‍රී ලංකා හීරා පදනම සම්බන්ධයෙන් ඊයේ දිනයේ සාක්ෂි විමසීම් සිදු කෙරුණු අතර, විවිධ පාර්ශ්ව ලබාදුන් එම සාක්ෂි සඳහා සවන්දීමට හිස්බුල්ලා මහතා ද ඊයේ පළමුවරට ජනාධිපති කොමිසම වෙත පැමිණ සිටියේය.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරි ධම්මික වාසල බණ්ඩාර මහතා පළමුව සාක්ෂි ලබා දුන් අතර, ඔහුගේ සාක්ෂිවලට අනුව නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට අයත් හීරා පදනම නමැති සමාජ සේවා ආයතනය නිසි පරිදි ලියාපදිංචි කිරීමක් සිදු කර නොමැති බව අනාවරණය විය.

හීරා පදනම නමැති සංවිධානය ලියාපදිංචි කිරීමට අදාළ යම් කිසි ලේඛනයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව සතුව තිබේද යන්න රජයේ නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් වාසල බණ්ඩාර මහතා කියා සිටියේ ඊට අදාළ කිසිදු ලේඛනයක් එම දෙපාර්තමේන්තුව සතුව නොමැති බවය.

නමුත් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් එම පදනමේ නම සඳහන් කරමින් තබන ලද යම් කිසි සටහනක් අඩංගු ලේඛනයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව සතුව තිබෙන බව වාසල බණ්ඩාර මහතා පැවසුවේය.

Related posts

එජාප අපේක්ෂකයෙක් අම්බානක නෙලයි.. පොහොට්ටු ආධාරකරුවෝ රෝහලේ.. පොලිසිය නීතිය නමයි !

colombotoday

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

colombotoday

අද කාලගුණය

colombotoday

මහ ඇමතිට, රටේ හිටපු නායිකාවකට සහ ඇමතිවරයකුට ඊළාම්වාදී ඩයස්පොරවෙන් මිලියන ගණනින් මුදල්

colombotoday

ආනයනික පොල් තෙල් වර්ග රැසක් කෑමට තියා ඇගේ ගාන්නවත් සුදුසු නෑ – පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති

colombotoday

මුස්ලිම් නායකයන් දේශප්‍රේමී වීරයන් ලෙස නම් කරන්න ඉල්ලයි

colombotoday