Colombo Today Local News

ජන ජීවිතය අඩාල කළ උද්ඝෝෂණයට වෙළඳ සංගමයේ දැඩි විරෝධය

ජන ජිවිතයට පිඩා කරමින් සහ රථ වාහන ගමනා ගමනයට බාධා පමුණවමින් සිදු කල උද්ඝෝෂණයකට හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් විරෝධය.
ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල යාම , විදුලි කප්පාදුව සහ ගැස් හිගයට විරෝධය පාමින් තරුණයන් පිරිසක් (24) දින හැටන් නගරයේ පැවැත් වු උද්ඝෝෂණයට හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් මතුවිය.

උද්ඝෝෂණයේ නියැලි සිටි පිරිස හැටන් නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට සහ නගරය හරහා ගමන් කරන රථ වාහන වලට බාධා වන සේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය සිදු කිරිම හේතුවෙන් හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව එම උද්ඝෝෂකයන් අතරට ගොස් කියා සිටියේ ජන ජිවිතයට බාධා වන අයුරින් මාර්ගය අවහිර කර උද්ඝෝෂණය කිරිමට තමන් කිසිසෙත් ඉඩ ලබා නොදෙන බවයි.

සිදු කරන උද්ඝෝෂණය සාධාරණ දෙයක් බවත්, එය කල යුත්තේ ජන ජිවිතයට පිඩා කරමින් නොව සැම ප්‍රජාවකගේම ආශිර්වාදය මැද බවයි හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේ.

හැටන් නගරයේ සියළුම ව්‍යාපාරික ප්‍රජාව සාමකාමි උද්ඝෝෂණ වලට සහයෝගය ලබාදෙන බවත්, එයට පටහැනිව සිදු කරන උද්ඝෝෂණ වලට හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවත්, එවැනි උද්ඝෝෂණ හැටන් නගරයේ පැවැත්විමට ඉඩ ලබානොදෙන බවයි හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේ.

ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලිමට ඉඩ ලබාදෙමින් උද්ඝෝෂණයේ නියැලි සිටි පිරිස ජන ජිවිතයට බාධා නොවන අයුරින් උද්ඝෝෂණය සිදු කලහ.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

විල්පත්තු රක්ෂිතයේ නීති විරෝධි මුස්ලිම් කොළණි ඉවත් කරන්නැයි විගණන වාර්තාවෙන් නිර්දේශ

colombotoday

උතුරේ සිට දකුණටත්, බස්නාහිර සිට නැගෙනහිරයටත් ඉතිහාසයේ නොවූවිරූ සංවර්ධනයක් උදාකරනවා

colombotoday

තව්හිද් ජමාත් ත‍්‍රස්තයෝ 1000 ක් ශ‍්‍රී ලංකාවේ : රට පුරා කඳවුරු 17 ක පුහුණුව ලබලා

colombotoday

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

colombotoday

බස්නාහිර රෝහල් රැසකදී අවුරුදු 12ට වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය අද

colombotoday

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday