Colombo Today Local News

අධිකරණය ළඟ නවතා තිබූ පොලිස් සාජන්ගේ ත්‍රිරෝද රථයේ බැටරිය සොරගෙන

අධිකරණයට පිවිසෙන මාර්ගයේ නතර කර තිබු පොලිස් සැරයන්වරයෙකුගේ ත්‍රිරෝද රථයේ බැටරිය සොරගෙන යයි.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගයේ නතර කර තිබු ත්‍රිරෝද රථයක බැටරිය සොරගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ෂණයක් ආරම්භ කර ඇත.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වු නඩුවකට පෙනි සිටිම ගිය විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු අධිකරණය පිවිසෙන මාර්ගයේ ඉදිරිපට ප්‍රධාන මාර්ගයේ ඔහුට අයත් ත්‍රිරෝද රථය ගාල් කර නඩු කටයුත්ත අවසන් විමෙන් පසු යලිත් ත්‍රිරෝද රථය අසලට පැමිණි විට ත්‍රිරෝද රථයේ බැටරිය සොරකම් කර ඇති බවට තහවුරු විමෙන් පසු ඒ සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

අධිකරණයේ නඩු කටයුතු සදහා පැමිණෙන පිරිස් මෙම මාර්ගයේ තමන් පැමිණෙන වාහන ගාල් කිරිම සිදු කරන අතර, මෙම සොරකම ඉතා සුක්ෂම ලෙස සිදු කර ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිමට විමර්ෂණ ආරම්භ කර ඇති බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඩොලර් මිලියන 1000ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය වසරකින් දීර්ඝ කෙරේ…

Admin

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

Admin

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

colombotoday

TNA නිදහස සමරන්න ආ එඩ්වඩ් රහසේ හමුවෙයි… ෆෙඩරල් ව්‍යවස්ථාවට උදව් ඉල්ලයි

colombotoday

අජිත් ප්‍රසන්න වහා නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති.

colombotoday