Colombo Today Local News

පසුගිය මාස 15 දී සෑම පුද්ගලයෙකුම එක් ලක්ෂ පනස් එක් දහසකින් ණය කාරයින් කරලා

රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි ආණ්ඩුව පසුගිය මාස 15 ක කාලය තුළ හතර දෙනෙකුගෙන් යුත් පවුලක් රුපියල් ලක්ෂ 6කින් ණය කාරයින් කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.

ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුව පත් වූ මාස 15 තුල එක් පුද්ගලයකු රුපියල් එක් ලක්ෂ පනස් එක් දහසකින් ණය කාරයින් බවට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආර්ථික දැක්මක් අවබෝදයක් නැති රාජපක්ෂ පවුල පරිසරය, ආර්ථිකය, කෘෂිකර්මය අධ්‍යාපනය ආදී සියල්ල විනාශ කරමින් යන බවද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලුම අයියලා එකතු වී රට පාලනය කළත් රට ගොඩ ගැනීම සඳහා ශක්තියක් ඔවුන්ට නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මහින්ද හැර වෙන නායකයෙක් නෑ… හිස ඔසවන බෙදුම්වාදය පරාජය කරන්න නම් ඔහු බලයට ආ යුතුමයි – සෝමවංශ

colombotoday

ජනපති කැබිනට් රැස්වීම වර්ජනය කරයි…

colombotoday

රනිල් ගැන පතුරුවන කතා බොරු

Admin

නිරෝධායනයට ලක්වු කත ඥාතීහු ප්‍රතික්ෂේපකරද්දී, ඉතා දිළිඳු පවුලක් ඇය බාර ගනියි

colombotoday

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

colombotoday

මහින්දානන්දට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂම පැවරූ නඩුව කැඳවයි.

Admin