Colombo Today Local News

“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වා

පසුගිය දා පැවැති වියත් මග සම්මේලනයේ දි හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ ආර්ථික හා සාමාජ දැක්ම 2025 වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සැළැසුම් කර ඇති සැළැස්ම් බව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසනවා.

(20) කෝට්ටේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

“ඊලඟ 2020 ජනාධිපතිවරණයට ඉල්ලන්න බලාපොරොත්තු වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරපු කතාවක් දැක්කා. එතුමා කියන්නෙත් මේ කතාවමයි. එතුමා කියන්නේ දැනුම මත පදනම් වෙච්ච, දැඩි තරගකාරීත්වයෙන් යුතු සමාජ වෙළද පොළක්. එතුමා කියන්නේ සමාජවාදී කියලා. ඒත් මම හිතන්නේ එතුමාගේ මනසේ තියෙන්නේ සමාජ වෙළඳ පොළක් ගොඩ නගන්න ඕන කියලා ඉන්දියන් සාගරයේ. ඉතින් මම කල්පනා කරන්නේ එහෙම නම් අවුරුදු 9 තිස්සේ ඇයි ඒක කළේ නැත්තේ. අපි දැන් මේ ඉදිරිපත් කරලා තියන 2025 දැක්මම තමයි එතුමත් ඉදිරිපත් කරන්නේ. එ පක්ෂයේ ඉන්න අනිත් අය ඒක කොහොම බාර ගනීවි ද දන්නේ නෑ. එතන වියත් මගේ හිටපු සියළු දෙනාත් එකඟ වෙනවා. එතකොට සියළු දෙනාම එකඟ වෙනවා අපි පටන් ගත්ත මේ වැඩ පිළිවෙළ ඉස්සරහට ගෙනියන්න ඕන කියලා.”යැයි අමාත්‍යවරයා පවසා සිටියේ ය.

Related posts

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක්

colombotoday

රජයේ වාහනයක් ගෙදර ගෙනියලා.. ඇමති ෆවුසිට නඩු !

colombotoday

පිස්තෝලයයි! ඇපල් දෙකයි! බෝතල් දාහයි! පොලිස්පති රිමාන්ඩ්

colombotoday

ප්‍රදේශ රැසකට අද සවස වැසි

colombotoday

හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමති ඇතුළු අන්තවාදීන්ට දුන්නේ කනේ පාරක්

colombotoday

ජවිපෙ නායක අනුර දිසානායක‍ගේ අයර්ලන්ත සවාරියේ තවත් රහස් එළියට.. වීඩියෝව මෙන්න

colombotoday