World

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් හමාස් 80 ක් නසිති. හමාස් නායකයාගෙන් නිවේදනයක්. 200 ක් මරා දැමු බව ඊශ්‍රායලය කියයි.

පසුගිය සතියේ අවසන් වූ ඊශ්‍රායලය සමඟ දින 11 ක යුද්ධයේදී තම සාමාජිකයින් 80 දෙනෙකු ඝාතනය වූ බව ගාසා තීරයේ හමාස් නායකයා පසුගිය බදාදා ප්‍රකාශ කළේය. මෙම සටනේදී සිදුවූ හානිය පිළිබඳව හමාස් පළමු නිල ප්‍රකාශය මෙයයි.

මේ මාසයේ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 254 ක් වන අතර, ළමුන් 66 ක්, කාන්තාවන් 39 ක් සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 17 දෙනෙකු ඊට ඇතුළත් බව ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇත.

ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත අදහස් දක්වමින් හමාස් නායක යෙහීහ් සින්වාර් කියා සිටියේ පසුගිය සතියේ ඝාතනයට ලක්වූවන් අතර ඔහුගේ කණ්ඩායමේ සන්නද්ධ අංශයේ සාමාජිකයින් 57 ක්, ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායමේ සාමාජිකයින් 22 ක් සහ තවත් කුඩා කණ්ඩායමක සාමාජිකයෙකු ඇතුළත් බවයි.

මියගිය කාන්තාවන් සහ ළමුන් හඳුනා ගනිමින් හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැයිස්තුවක් ඉදිරිපත් කළේය. එයට අනුව මියගිය වැඩිමහල් පුද්ගලයාගේ වයස අවුරුදු 90 ක් වන අතර වයස අවුරුදු 2ක හෝ ඊට අඩු දරුවන් අට දෙනෙක් සිටියහ. කෙසේවෙතත් ලැයිස්තුව ස්වාධීනව තහවුරු කර නැත.

ඊශ්‍රායලයේ 12 දෙනෙකු ඝාතනය විය. එක් අයෙකු හැර අන් සියල්ලෝම සිවිල් වැසියන් ය.

හමාස් සටන්කාමීන් 200 ක් පමණ ඝාතනය කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇති නමුත් එම සංඛ්‍යාලේඛනවලට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් හමාස් සහ ඊශ්‍රායලය යන දෙඅංශයෙන්ම සිදුවිය හැකි යුද අපරාධ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඊශ්‍රායලයේ බලධාරීන් පවසන්නේ සිවිල් වැසියන් තුවාල ලැබීම අනපේක්ෂිත බවත් ඒවා වළක්වා ගැනීමට හමුදාව විශාල උත්සාහයක් ගන්නා බවත්ය. ජනාකීර්ණ ප්‍රදේශවල සිට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් ප්‍රතිප්‍රහාරවලට ඊශ්‍රායලට ඇරයුම් කිරීමෙන් සිවිල් වැසියන් අනතුරේ හෙළන බවට ඔවුන් හමාස් සංවිධානයට චෝදනා කරයි. හමාස් රොකට් ඊශ්‍රායලයේ ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කර එල්ල කරන බව ද ඔවුහු සටහන් කරති.

නවතම වටයේ සටන් වලදී තමන් ඉලක්ක කර ඇත්තේ හමාස් හමුදා යටිතල පහසුකම් පමණක් වන බව ඊශ්‍රායලය කියා සිටියි. එම කණ්ඩායම ජනාකීර්ණ ප්‍රදේශවල රැකවරණය ලබාගෙන නිවාස යට උමං හෑරූ බවට ඊශ්‍රායලය චෝදනා කර ඇත. එක්සත් ජනපද ඇස්තමේන්තු වලට අනුව උස් කුළුණු හතරක් ඇතුළුව ගොඩනැගිලි 1,000 ක් පමණ විනාශ විය. ඊශ්‍රායලය පවසන්නේ මෙම ගොඩනැගිලි සටන්කාමී අණ දෙන මධ්‍යස්ථාන ලෙස භාවිතා කළ බවයි.

හමාස් යනු ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමකි. ඔවුන් ගාසා තීරයේ පාලනය 2007 දී අත්පත් කරගත් දා සිට ඊශ්‍රායලයට එරෙහිව යුද්ධ හතරක් කර තිබේ.

මෙවර හමාස් යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලය දෙසට දිගු දුර රොකට් ප්‍රහාරයක් එල්ල කරමිනි. ගාසා තීරයට විශාල හානියක් සිදු වුවද, හමාස් නායකයා කියා සිටියේ තම කණ්ඩායම කිසි විටෙකත් ඊශ්‍රායලය හඳුනා නොගන්නා බවත් නැවත ජෙරුසලමට එරෙහිව සටන් කිරීමට සූදානම් බවත්ය.

Related posts

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

Admin

ඊශ්‍රායල ප්‍රහාර වලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

Admin

තායිලන්තයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් දුම්රියකට hit-and-run පන්නයේ ප්‍රහාරයක්. – බෞද්ධයන් ඉලක්ක ගත් ප්‍රහාරවල වර්ධනයක්.

colombotoday

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

colombotoday

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday