Colombo Today Local NewsfeaturedTop Stories

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී ඇති අතර අජ්ජුල් අක්බාර් ලෙස හඳුන්වන මෙම පුද්ගලයා අන්තවාදී මුස්ලිම් තරුණයන් රැසක් පසුගිය කාල සීමාවේදී තුර්කිය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්තානය වැනි රටවලට යවා ඔවුන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා යොමු කර ඇති බවද අනාවරණය වී තිබේ.

මේ අතර මෙම පුද්ගලයා පසුගිය කාලයේදී රට පුරා සිදුකල දේශනා සඳහා මුස්ලිම් කටයුතු අමාත්‍යංශය යටතේ ඇති මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මගින් අනුග්‍රය දක්වා ඇති බවට තොරතුරු වාර්තා වේ. මොහු සමග එක්ව දේශනා පැවැත්වීම සඳහා නලීමීවරු ලෙස හඳුන්වන බේරුවල පිහිටි “නලීමීයා” මුස්ලිම් අධ්‍යාපන ආයතනයෙන් උපාධි ලබාගත් පුද්ගලයින්ද සහබාගි වී ඇත.

මෙලෙස පැවැත්වූ දේශනයක් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබූ දැන්වීමක්

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. මොහු ගේ සොහොයුරාගේ දරුවන් සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් අරාබි රටවලට යවා ඔවුන්ට අන්තවාදී ත‍්‍රස්තවාදී පුහුණුවක් ලබාදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

පසුගිය දිනවල මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක විහාරස්ථානවල බුදු පිළිම කඩා විනාශ කිරීම සඳහා අන්තවාදී අදහස් දරන මුස්ලිම් තරුණයන් යොමු කර ඇත්තේ ද මොහු විසින් බව පොලිසිය පවසයි.

මුස්ලිම් තරුණයන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා අරාබි රටවලට යැවීමට මුදල් වැය කර එම කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ ද මොහු විසින් බව හෙළි වී ඇත.

ලංකාවට ප්‍රථමවරට ඉස්ලාමිය ත්‍රස්තවාදය හදුන්වා දුන්නේ ජමාත්තේ ඉස්ලාමි සංවිධානය විසින්ය. 80 දශකයේ සිට ජිහාත් පුහුණුව සඳහා ඇෆ්ගනිස්තාන්, පාකිස්තාන් වැනි රටවල්වලට තරුණ සාමාජිකයන් මෙම සංවිධානය විසින් යවා ඇත.

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයට අයිති මාදම්පේ ඉස්ලාහියා මද්‍රසා පාසලේ ප්‍රථම විදුහල්පති වන A.G.M නතීර් මව්ලවි, පාකිස්තාන් රටට ජිහාත් පුහුණුව සඳහා තමා ගිය බව ගුවන්විදුලි වැඩසටහනකදී පිළිගෙන ඇත.

එම වැඩසටහනදී නතීර් මව්ලවි මෙසේ පවසා ඇත,

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ අවසාන ඉලක්කය වන්නේ ලංකාවේ ඉස්ලාම් රාජ්‍යක් පිහිටුවීම බව එම සංවිධානයේ පුහුණු කඳවුර වල හා දේශනාවල පැවසුවා. 1996 වසරේදී මම සහභාගීවූ නේවාසික පුහුණු කඳවුරක හජ්ජුල් අක්පර් විසින්ම එම කරුණු අපහට උගන්වනු ලැබුවා, තවද රටේ නීතියට යටත්වෙලා ජීවත් වීම අල්ලාහ් දෙවියන්ට විරුද්ධව කරන ලොකුම පවක් ලෙසත් අපහට උගන්වනු ලැබුවා.

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ සාමාජික තරුණයන් සෑහෙන පිරිසක් මෑත කාලයේදී තුර්කි රටට ගියා , සාහිඩ් අබ්දුල්ලාහ් හක් ද, එලෙස සිරියාවට ගිහින් ISIS ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්.

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ එදා සිට අද දක්වා කාලය ඇතුළත ක්‍රියා පටිපාටිය පිළිබඳව සම්පූර්ණ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම ආරක්ෂක අංශවල වගකීමයි.

Related posts

ගුවන් තොටුපොළ විවෘත කිරිම යළි කල් යයි

colombotoday

කොවිඩ් එන්නත ගන්න උනන්දුව මදි – විශාල එන්නත් තොගයක් විනාශ කිරීමට සිදුවෙයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට පත් කෙරුණු කැබිනට් අනු කමිටුව රැස්වෙයි

colombotoday

සාකච්ඡා අති සාර්ථකයි.. ETCA ලෑස්තියි.. වැඩි වාසි ලංකාවටයි- ඉන්දියාව කියයි

colombotoday

ව්‍යවස්ථා කෙටුම්පත ඉක්මනින් විවාදයට ගන්නා බව විදේශ ඇමති බ්‍රිතාන්‍යයේදී පොරොන්දු වෙයි

colombotoday

මද්දුම බණ්ඩාර විදුලි බිල වැඩි කලොත් ගෙවන්න එපා කියයි. සජබ එක්ක විරෝධතා කරන්න ජනතාවට කතා කරයි

Admin