Colombo Today Local Newsfeatured

ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීම: ඥානසාර හිමිට එරෙහි නඩුවේදී සුමන්තිරන්ගේ ඉල්ලීමට ඉඩ

අධිකරණ නියෝග නොතකමින් ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව දෙමල ජාතික සන්ධානය ගොනුකර තිබෙන පැමිණිල්ලක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (20) නියම කළේය.

මෙම පැමිණිල්ල මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ.සූමන්තිරන් මහතා කළ ඉල්ලිමක් පිළිගත් විනිසුරු මඩුල්ල පැමිණිල්ල සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවීමට නියම කළේය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සමග නීතිඥ ගලගම අශාන් නානායක්කාර සහ නීතිඥ ප්‍රතාප් වැලිකුඹුර පෙනී සිටින ලදි.

Related posts

නටාෂාට ඇප දෙයි

Admin

උසස් පෙළ සිසුන්ට වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ කියයි

colombotoday

රන්වලට ආචාර්ය උපාධිය දුන්නේ අපියි-ගොවිජන බලමුළුව

Admin

චීන තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු පරිත්‍යාගයක්: මිත්‍රත්වයේ නව මානයක්

Admin

ඊළාම් කොඩිය බිම දා ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඉතාලියේදි සිංහ කොඩිය ඔසවයි

colombotoday

මාධ්‍ය වාරණයට එරෙහිව මාධ්‍යවේදීන් කලු පටි බදිති…

colombotoday