Business

GSP නැවතත් ලැබෙයිද?

gspජී.එස්.පී බදු සහනය ලබන වරරේදී නැවත මෙරටට ලැබීමට ඉඩ ඇති බව විදේශීය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. වෙළද කලාපයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූ වැඩසටහනකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පලකළේය.

අමාත්‍යවරයා පවසා සිටියේ එම සහනය ලබාගැනීම සඳහා යුරෝපා සංගමයට ඉදිරිපත් කරන අවසන් අයදුම්පත දෙසැම්බර් මස තුන්වැනි සතියේදී යුරෝපා සංගමයට බාරදීමට නියමිත බවයි.

දෙසැම්බර් මාසයේදී අයදුම්පත යොමු කිරීමෙන් පසු ලබන වසරේ මැද භාගයේදී ජී.එස්.පී බදු සහනය ලැබීමට නියමිත බවද පවසා සිටියේය.

මෙරට පැවැති මානව හිමිකම් ගැටළු හේතුවෙන් ජී.එස්.පී බදු සහනය අහමි වූ අතර, නව රජය බලයට පත්වීමෙන් පසු නැවත මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධව පසුගියදා ජිනීවා නුවරදී සම්මත වූ යෝජනාවෙන් පසු නැවත එම සහනය ලබාගැනීම හැකියාව විවර වී ඇති බවත්, ඒ සදහා අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අනුව දෙසැම්බර් මාසයේ පළමු සතියේදී යුරෝපා සංගමය සමග ජී.එස්.පී සහනය ලබාගැනීම පිළිබඳ අවසාන සාකච්ඡාව පවත්වන බවද පවසා සිටියේය.

ඉන්පසුව විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, සංවර්ධන ක්‍රම උපාය අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, ආයෝජන මණ්ඩලය එක්ව අවසන් අයදුම්පත්‍රය සකස් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

කුළුබඩු භෝග අස්වනු අපනයනයට පෙර වෙන්දේසියට

colombotoday

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවයි.. Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යි

colombotoday

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

colombotoday

දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල හොරණින් ඇරඹෙයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල මිල රු. 335යි

colombotoday

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වැඩිම පහත වැටීම අද

colombotoday