Colombo Today Local News

රතන හිමිගේ ගුන්ඩුවක් කෑ ආණ්ඩුවේ පක්ෂ 11ක් කළ ඉල්ලීමට ජනපති බෑ කියයි

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකා සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 11ක් කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේනවා.

ඒ ලිඛිත ඉල්ලීම සිදුකර තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය විසිනි.

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් අමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා වන ගිවිසුම යළි සාකච්ඡා කළ යුතු බවත්, විධිමත් අධ්‍යනයකින් පසු විධිමත් ටෙන්ඩර් පටිපාටියක් යටතේ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් එම ලිපියෙන් ජනාධිපතිවරාගෙන් ඉල්ලා තිබුණි.

එමෙන්ම එම ගිවිසුම හරහා ගෑස් මඟින් විදුලිය නිපදවීමේ ඒකාධිකාරිය එක් සමාගමකට හිමිවීම රටේ ස්වාධීනත්වයට අනතුරක් බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ලිඛිතව ප්‍රතිචාර දක්වා තිබේ

එහි සඳහන් කර ඇත්තේ, මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී හෝ ආණ්ඩු පක්ෂ රැස්වීමකදී සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය බවය.

Related posts

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday

ෆොන්සේකා ලංකාවේ යුද අපරාධ කළ බවට කියද්දී එසේ නොකළ බවට කරුණා අම්මාන් සාක්ෂි දෙන්න ඉදිරියට අවා

colombotoday

“දේවාලවල පොල් ගහල කන්නලව් කරාට අපේ වැඩපිළිවෙල නතර කරන්න බෑ“ – අගමැති

colombotoday

මහපොළ අරමුදලින් හැදු මාලබේ ස්ලිට් එක අයතා ලෙස බැහැර කරලා. | අරමුදලේ රුපියල් බිලියනයකට වැඩි මගඩියක්.

colombotoday

“පොල් ගහන අයට ගොඩ යන්න බෑ.. නැට්ටෙන් ඉල්ලුවත් අලියා දිනනවා” – නලින් බණ්ඩාර

colombotoday

හැටන් ප්‍රදේශ දෙකකට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා

colombotoday