හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කර හෝ මේ රට හදන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ යැයි අස්ගිරි පාර්ශවයෙ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියෝ කියා සිටිති.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් ඊයේ ඒ මහතාගේ නිවසෙ පැවති දානමය පුණ්‍යකර්මයේදී අනුශාසනාවක් කරමිනි.
ත්‍රෛනිකායන් නියෝජනය කරමින් මේ අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කර සිටියේය.
මේ රට වැටී ඇති අගාදයෙක් ගොඩගත හැකි එකම පුද්ගයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙමින් පවති බවද අනුශාසනා කරමින් භික්ෂූන් වහන්සේලා කියා සිටියේය.