Colombo Today Local NewsHot News

“රැදවුම් භාරයේ ඉන්නා දරුණු ත්‍රස්තවාදීන් නිදහස් කිරීම භයානකයි” – හිටපු ආරක්ෂක ලේකම් තුමා

දැනට අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ රැදවියන්ගෙන් බහුතරයක් දරුණු ගනයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධූ වූවන් බවත් යම් කිසි විදිහකින් ඔවුන්ට නිදහස ලබා දීම අතිශය භයානක බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එතුමා ඒ බව පැවසූවේ එල්.ටී.ටී.ඊ. රැදවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ දිනවල ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් Colombotoday වෙබ් අඩවිය කළ විමසීමක දී.

පන්දහසක පමණ සැකකරුවන් පිරිසක් පසුගිය රජය යටතේ පුණරුත්ථාපනය කර මුදා හැරි බවත් එයින් දැනට ඉතිරිව සිටින්නේ ඉතාමත්ම දරුණු ගනයේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පිරිස් බවත් ප්‍රකාශ කරන ඒ මහතා ඔවුන් පිළිබදව අදාල බලධාරීන් නිසි ලෙස දැනුවත් කිරීම බුද්ධි අංශවල වගකීමක් බවත් පෙන්වා දෙනවා.

එම ඉතිරි වූ පිරිස අතරිනුත් පුණරුත්ථාපනය කළ හැකි පිරිස් සිටිය හැකි බවත්, එසේ කළ නොහැකි සහ තවමත් සමාජගත කළ නොහැකි අතිශය දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සාමාජිකයන් ඒ අතර සිටිනා බව තමන් හොදාකාරවම දන්නා බවත් එතුමා සදහන් කළා. එවැනි පුද්ගලයන් තව දුරටත් රදවාගෙන නඩු පවරා අදාල දඩුවම් ලබා දිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

මේ අතර මෙතෙක් නඩු පැවරීමකින් තොරව බන්ධනාගාරගත කර සිටින “සියලු ත්‍රස්තවාදී සැකකරුවන්ට” නඩු පවරා ඇපමත මුදා හැරීමට කඩිනම් පියවර ගන්නා ලෙස අගමැතිවරයා විසින් නීතිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Related posts

සුමංගල හිමි ඥාණසාර හිමි සමග උසාවි යයි.. රංජිත් කීර්ති දූෂණ විරෝධයෙන් ඉවත්වෙයි !

colombotoday

අලි සබ්‍රිටත් දියවන්නාව එපා වෙයි

Admin

එදා ලක්ෂ හතරක ටෙලියක් අද ඉල්ලන්නේ ලක්ෂයකට.. ‘අලුත් පරපුරේ’ නළු නිළියෝ අනාථයි

colombotoday

අපි සමාජවාදයෙන් කිසිසේත් බැහැර වන්නේ නැහැ

Admin

ඉදිරි දින කිහිපයේදී වහලා තියෙන තත්වයෙන් රට මුදවා ගත යුතුයි

colombotoday

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් ස්ථිර සේවකයින් නොවේ – රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

colombotoday