Colombo Today Local News

කොරෝනා එන්නත ඉල්ලා ජනපති ගෝඨාගෙන් චීන ජනාධිපති ෂී ජින්ට ලිපියක්

කොරෝනා මර්දනය සදහා වන චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවා ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
චීනයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්වූ ආචාර්ය පාලිත ටී.බී. කොහොන මහතා සිය අක්තපත්‍රවල පිටපතක් ඉකුත් 12 වැනිදා චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතාට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපිය බාර දුන් බවද විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් ද රැගෙන ආ බව ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී දැනුම් දුන් අතර ඒ අනුව චීන එන්නත් ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියන ලද ලිපිය වෙත ද අවධානය යොමු කළේය.එම ලිපිය බාර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා  කියා සිටියේ එන්නත බෙදා හැරීම සම්බන්ධයෙන් චීන රජය ඉක්මනින් තීරණය කරනු ඇති බවය.
 
චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා ශ්‍රී ලංකා තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, කීර්තිමත් හා පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයෙකු ශ්‍රී ලාංකික තානාපතිවරයා ලෙස පිළිගැනීමට චීනය සතුටු වන බව සදහන් කර ඇත. ආචාර්ය කොහොන මහතා මෙම හමුවේදී  කොවිඩ්-19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ චීනයේ ධුර කාලය තුළ දී තමාගේ  ප්‍රමුඛතා පිළිබඳව හොං මහතාට විස්තර කළේය. 

දෙරට අතර ඓතිහාසික, දීර්ඝ කාලීන හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කළ ආචාර්ය කොහොන මහතා  ඉදිරි වසරවල දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළේ ය. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මැතිතුමා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් බාර ගත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට ප්‍රතිචාර දක්වමින්, නායකයන් දෙපළ අතර පවතින සමීප මිත්‍රත්වය පිළිබඳව සතුට පළ කළේය.
 
අතීතයේ දී දෙරට එකිනෙක රටවලට සහයෝගය ලබා දී ඇති බවත් , අනාගතයේ දී ද චීනය ‍මිතුරෙකු ලෙස සැලකිය හැකි සේම වෙළඳ හා ආයෝජන සඳහා විවෘත වන විට දී ශ්‍රී  ලංකාව සමඟ සම්බන්ධ වීම සඳහා චීන සමාගම් උනන්දු කරවන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධිචෝදනා.

colombotoday

යන යකා කොරහත් බිඳගෙනම යයි… ආණ්ඩුවේ තවත් පාපකර්මයක් හෙලිවෙයි…

colombotoday

ආර්ථිකය මෙහෙයවීම ජනපති අතට ගනී.. නව ආර්ථික වැඩපිළිවෙල ලබන සතියේ එළිදකී

colombotoday

ජනපති එන සතියේ අවසන් තීරණය ගනී… පළමුව දෙදෙනෙකු එල්ලයි…

colombotoday

විදුලිබල මණ්ඩල සේවකයන් ප්‍රසාද දීමනාව අත්හරී

Admin

සතොස සහල් මිල අඩු වෙයි

colombotoday