Colombo Today Local News

හිටපු ආරක්ෂක ලේකම් 25 රහස් පොලිසියට කැදවයි…

ලබන 25 වැනිදා රහස් පොලීසිය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දීමට ද අධිකරණයෙන් සිතාසි ලද විගස අධිකරණය හමුවේ පෙනී සිටීමට ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නීතිපතිවරයා අතර එකඟතාවයක් ඇති වී ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මැදමුලන ඩී ඒ රාජපක්ෂ පිළිරුව ඉදිකිරීමේදී මුල්‍යම වංචාවක් සිදු කිරීමේ සිද්ධියට අදාලව රාජපක්ෂ මහතා රහස් පොලිසිය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.

මෙම සිද්ධියට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම කැඳවනු ලැබු සොලිස්ටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය. අභියාචනාධීකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.

Related posts

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday

නිශ්පාදක සුමන්තිරන්, අධ්‍යක්ෂක රනිල්, කරු නළුවෙක් පමණයි…

colombotoday

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

ඥානසාර හිමිගේ මව්තුමිය නිසා කඳුළු සැලූ සුදත්ත හිමි

colombotoday

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට

colombotoday