BusinessColombo Today Local News

මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයි

පසුගිය නොවැම්බර් මාසයේදී සීනි ආනයන බද්ද සත 25 දක්වා අඩුකරමින් සීනි කිලෝවක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 85 ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව මෙරටට සීනි මෙට්‍රික් ටොන් 650,000 ක් ආනයනය කරන ලදි.

කෙසේවෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් ඉතා අසරණව සිටින පාරිභෝගිකයාගේ රීරී මාංශ ටිකත් සුරාගෙන කන ව්‍යාපාරිකයන් ඉතා නින්දිත ලෙස ඉතා අඩුමුදලට ආනයනය කරන ලද සීනි තොග සඟවා තබා සීනි කිලෝවක මිල රුපියල් 220 ද ඉක්මවා යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

මේ අතර, වේල්ල වීදිය ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති Global Trading And Company ආයතනය විසින් මෙරටට ආනයනය කර වත්තල, මාබෝල ගබඩාවක සඟවා තබාගෙන සිටි සීනි මෙට්‍රික් ටොන් 4800 ක තොගයක් වත්තල සොයාගෙන ඇත.

මේ වන විට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් එම ස්ථානයට පැමිණ සීනි තොගය සීල් තබා ඇත. අදාළ තොගය පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ලියාපදිංචි නොකළ තොගයක් බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

Related posts

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතේ රණවිරුවන් පාවා දෙන මාරක වගන්ති 10 ක් !

colombotoday

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday

බෝම්බ හදන ඩෙටනේටර් 7500ක් සමග උතුරේදී දෙන්නෙක් අල්ලයි

colombotoday

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin

මධූෂ් පිටුවහල් කරනවාද? නැද්ද? අවසන් තීරණය අද

colombotoday

රන්ජන් ගේ හඬපට යලි කරළියට – අධිකරණයේ දී සිදු වූ දේ මෙන්න

colombotoday