Colombo Today Local News

ජනපති – අගමැති අනුමැතිය ලැබේ.. ග්ලයිපොසෙට් තහනම් ඉවත් කෙරේ

ග්ලයිපොසෙට් තහනම වහාම ඉවත් කිරීමට රජය තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම ඉත් කළ බවත්, තහනම ඉවත් කිරීම අදාළ වන්නේ තේ හා රබර් සදහා පමණක් බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ය. මේ සදහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුමැතිය හිමිවුණ බවද හෙතෙම කියා සිටියේය.

2015 වසරේ සිට ග්ලයිෆොසෙට් මෙරටට ගෙන්වීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණි. කෙසේ නමුත් වී සහ අනෙකුත් වගාවන්ට ග්ලයිෆොසේට් තහනම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනු ඇති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

“මට ඕවා මතක නෑ..” – රවීගේ ලෙඩේ රාජිතටත් බෝවෙයි (Video)

colombotoday

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

හමුදා ප්‍රධානීන් FCID කැඳවීම ගැන මම දැනගත්තෙත් මාධ්‍යයෙන්. ඒ ගැන කණගාටුයි.

colombotoday

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

colombotoday

කිරිඇල්ල, අශෝක්, හර්ෂ ද සිල්වා සහ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරු ස්වයං නිරෝධායනයට

colombotoday

ජවිපේ සහ මාලිමාවේ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස කතානායකට යන්න වුනා

Admin