Colombo Today Local News

මහ මොළකරුවන් පෝළිමේ කැදවයි.. මලික් – කබීර් අද.. අගමැතිත් ළගදීම කොමිසම හමුවට !!

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ බැදුම්කර අක්‍රමිකතාවය සම්බන්ධයෙන් විමර්ෂනය කිරීම සදහා පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැදවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබේ.

මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන ඇමතිවරුද අද දිනයේ බැදුම්කර කොමිසම හමුවට කැදවා ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අගමැතිවරයාද කොමිසම හමුවට කැදවනු ඇති බව එම වාර්තා පවසයි.

ප්‍රශ්නගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාට චෝදනා එල්ල වී තිබුණද, එම සිදුවීම සිදුවන අවස්ථාවේදී මහ බැංකුව සහ රාජ්‍ය බැංකු පාලනය තිබුණේ අගමැතිවරයා සහ කබීර් හෂීම් ඇමතිවරයා යටතේ යැයි හෙළිව තිබෙන බැවින් බැදුම්කර සිද්ධියේ පරීක්ෂණ මේ වන තීරණාත්මක අවස්ථාවකට එළඹ තිබේ.

බලපෑමකින් තොරව ජනාධිපති කොමිසමේ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුවුවහොත්, එය අගමැතිවරයාගේ සහ එජාපයේ දේශපාලන අනාගතයට තීරණාත්මක ලෙසින් බලපානු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

කොළඹ වරායට සේන්දු වූ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව යුද අභ්‍යාසයක

colombotoday

සෙයිද් රාද් හුසෙන් දිගු දුර විහිදුම් බලකායේ රහස් තොරතුරු ඉල්ලයි.

colombotoday

සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

Admin

අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකියි – CEB කියයි

colombotoday

“මා ජනපති වූයේ දේශද්‍රෝහියෙකු වීමට නොවේ !” – ජනපති කියයි

colombotoday