Colombo Today Local News

කංසා තහනම ඉක්මනින් ඉවත් කලයුතුයි! දේශීය වෛද්‍ය සංගමය දැඩිව කියයි.

දැනට තහනම් කල ඇති කංසා තහනම වහාම ඉවත් කලයුතු බව සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය පවසනවා. ඔවුන් එසේ පැවැසුවේ 2021/01/03 දින කොළඔ 05 සම්බුද්ධත්ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීයි .

ඵලදායී ලෙස කංසා භාවිතා කිරීමේ වැදගත්කම යන මාතෘකාව යටතේ එම මාධ්‍ය හමුව කැදවා තිබුණු අතර මාධ්‍ය හමුවට සහභාගී වූ සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ උපදේශක හා ආයුරුවේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ බටහිර රටවල් බොහොමයක් කංසාවල ඇති වැදගත්කම හදුනාගෙන කංසා වැවීම ආරම්භ කර ඇති අවස්ථාවක අපේ රටේ තවම කංසා වැවීම නීතිගත නොවීම හාස්‍යයට කාරණයක් බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මේවන විට කංසා වැවීම සදහා නිර්දේශ ලබා දීමට සූදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දේශීය ඔසු නිෂ්පාදනය සදහා කංසා ලබා ගැනීමට නොහැකිවීම නිසා දේශිය ආයුරුවේද වෛද්‍යවරුන් අපහසුතාවයට පත්වී සිටින බවද පැවසූූ වෛද්‍යවරයා කංසා මත්ද්‍රව්‍යයක් නම් ඔප්පුකොට පෙන්වන ලෙසටද අභියෝග කර සිටියා.

අහාර රුචිය වැඩි කිරීම සදහා සහ ශරීර ප්‍රතිශක්තිකරණයන වැඩි කිරීම සදහා වන දේශීය ඔසු සදහා කංසා භාවිතා කල හැකි බවද මෙහිදී අනාවරණය විය.

අතීතයේ පැනවූ නීතියක් අනුව තවමත් මෙරට කංසා වැවීම තහනම් කර ඇති නිසා කංසා තහනම ඉවත් කර ගැනීම සදහා ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරූ බවද එම සංගමය වැඩිදුරටත් සදහන්කර සිටියා.

මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සංවිධායක වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහතා සහ සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය උපුල් දෑල බණ්ඩාර මහතාද අදහස් දක්වන ලදි.

Related posts

විගණන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය දෙයි

colombotoday

ලං.වි.ම. ඉංජිනේරුවන්ගේ වැටුප 15%කින් කපා දමයි…

colombotoday

තම රටේ උතුරු මුහුද දකුණේ ධීවරයන්ට තහනම්.. බලපත්‍ර නිකුත් කිරීම අමාත්‍යාංශය අත්හිටුවයි !

colombotoday

මහ හඩක් නගමින් බදුල්ලේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙළවෙයි…

colombotoday

අඹ ගෙඩි තුනක් කැඩූ “වරදට” අනුරාධපුර පොලිසිය කළ දෙයක් ගැන මවක් කියන කතාව !

colombotoday

“කොළඹ බල්ලන් දහසය දාහක් විතර ඉන්නවා.. ගවයෝත් දෙදාහකට වැඩියි” – ඇමති චම්පික

colombotoday