Colombo Today Local News

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කොට ඇති බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද (14) හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී සිදුකෙරේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදාළ චෝදනාවට වරදකරු බව තීරණය කළ හෝමාගම මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග මහතා ඥාණසාර හිමියන්ට ඳඩුවම් නියම කිරීම  (14) දක්වා කල් තබන ලදී.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් මරා දමන ලදැයි කියන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට ඇති යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයින් නවදෙනෙකු හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ දැනට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කරන රංග දිසානායක මහතා විසින් තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කළ අවස්ථාවේදී ඥාණසාර හිමියන් අධිකරණය තුළට පැමිණ අධිකරණයට අපහාස වන අන්දමින් බැණ වැඳී ඇති අතර ඉන් අනතුරුව එහි සිටි මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කොට ඇති බව නඩු විභාගයේදී සඳහන් විය.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇය හෝමාගම පොලිසියට පැමිණිලි කොට ඇති අතර අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එවකට හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට පැමිණිලි කොට ඇත.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවන්ට විත්තිකාර හිමියන් වරදකරු බව නඩු විභාගය අවසානයේදී තීරණය කළ මහෙස්ත‍්‍රාත්වරයා දඬුවම් නියම කිරීම හෙට දක්වා කල් තබන ලදී.

Related posts

පොහොය දින වෙඩි තබා බල්ලෙකු මැරූ විශ්‍රාමික ASP අත්අඩංගුවට

colombotoday

වැනෙන ඔරලෝසු බට්ටෙක් ගැන පියල් නිශාන්ත කියයි

Admin

IMF ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු පෙන්වයි

Admin

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin

ජපාන තානාපති සහ ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

colombotoday

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

Admin