Colombo Today Local News

ගාලු මුහුදෙන් මතු වූ පිළිමයේ සුළ මුල ‍හෙළිවෙයි

ගාලු කොටුව ආසන්න මුහුදේ අඩි පහක් ගැඹුරේ තිබී කිමිදුම්කරුවෙකුට හමුවූ පිළිමය පුරාවස්තුවක් නොවන බවත් ඉතා මෑතක සිමෙන්තියෙන් නිර්මාණය කරන ලද උද්‍යාන අලංකාර සැරසිලි භාණ්ඩයක් බවත් මේ වන විට අනාවරණය වී තිබේ.

මෙම පිළිමය මුහුදේ තිබී ගොඩගත් අවස්ථාවේ දී එය බුද්ධ ප්‍රතිමාවක් බවටත්, පුරාවස්තුවක් බවටත් ආරංචි පැතිර යමින් තිබිණ. එහෙත් එම පිළිමය පු‍රාවස්තුවක් හෝ පෞරාණික එකක් නොවන බවත් එය ප්‍රදර්ශන භාණ්ඩයක් බවත් මුල්වරට අනාවරණය කරන ලද්දේ වාසම්මානිත, ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී.කුලතුංගයන් විසින් ලක්බිම ඔන්ලයින් මඟිනි.

කෙසේ හෝ මෙය මීට මද කලකට පෙර සිමෙන්තියෙන් නිර්මාණය කොට මුහුදෙහි කොරල්පර අතර ගිල්වා තබන ලද්දේ ගාල්ල, කොටුව, ලේන්බාන් වීදියේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනාගාර හිමිකරුවෙකු වන ජනක ද සිල්වා නමැත්තෙකි.

දැනට උද්‍යාන අලංකාරය සඳහා බහුලව භාවිතා කරන මෙම සිමෙන්ති මූර්තිය ගාල්ල, ‍‍කොටුව ආසන්න මුහුදේ කොරල්පර අතරේ රඳවා තැබීමට හේතුව එහි බාහිර පෙනුමට පෞරාණික ස්වභාවයක් ලබාදීමට බව ඔහු පවසා තිබුණි.

එය තමන් විසින් කරනු ලැබූ අත්හදාබැලීමක් මිස කිසිදු වංචනික ක්‍රියාවක් නොවන බව පවසන ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ සිමෙන්‍ති වලින් තනන ලද මෙවන් පිළිමයක මුහුදු පාසි බැඳුණු පමණින් එය පුරාවස්තුවකැයි කිසිවෙකුත් නොරැවටෙන බවය.

එස්.ටී.පී.සිල්වා

Related posts

මම අද සන්තෝෂයෙන් ඉන්නේ සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එකට – චිත්‍රාල් සෝමපාල

colombotoday

යහපාලන සමයේ පෙළපාළි වලට ගැසූ පොලිසියට ලක්ෂ 26ක් තෑගි

colombotoday

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday

මුස්ලිම් කඩවලට ප්‍රහාර : සංවිධානාත්මක වැඩක් නොවන බව තහවුරු වෙයි..!

colombotoday

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin