Colombo Today Local News

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. ඒ වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පසුබිමකදීය.

ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව පැවසූහ.

එමෙන්ම සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේ ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත් ය.

මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව ද සද්ධාතිස්ස හිමියන් පැවසීය.

“උන්වහන්සේ ඇත්තටම අපිට වැරදි නෑ. නමුත් අපි දන්නේ නෑ සමාජයට කොහොමද කියලා. අපි නීතියට ගරු කරන නිසා නීතියෙන් දෙන ඕනෑම දෙයක් අපි භාරගන්නවා.”

Related posts

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

පොලොන්නරුවේ වි මිලදී ගැනීම අරඹයි

colombotoday

යුද අපරාධ චෝදනා.. ඇමරිකාව ෆොන්සේකාවත් බ්ලැක් ලිස්ට් කරලා !

colombotoday

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය මෙන්න

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday