Colombo Today Local NewsTop Stories

ඥානසාර හිමියන්ට නිදහස

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා වරදකරු වී සිර දඬුවම් නියමව සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කොට නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණයට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා විසි ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

උන්වහන්සේට ප්‍රදානය කොට තිබෙන සමාව බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින්, අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා මහතා මෙම දැනුම්දීම සිදු කොට තිබේ.

මෙම පෙත්සම් එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැඳවන් ලදී.

මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කොට සිටියේ මෙම නඩුකරයට අදාළ විරෝධතා ගොනු කොට තිබෙන බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම අගෝස්තු මස 26 වන දා විභාගයට ගැනීමට නියම කරන ලදී.

Related posts

අවුරුදු තුන හමාරක දැරියක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්

Admin

හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි !

colombotoday

රේගුවේ ඇති කිරිපිටි බහලුම් 6 ආනයන අපනයන රේගුලාසි උල්ලංඝණය කරලා

Admin

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

colombotoday

ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

colombotoday

රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි

colombotoday