ශක්තිමත් රටවල් දෙකක නායකයින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ක්‍රියා නොකරන ලෙස මාලිමා ආණ්ඩුවට දැනුම් දී තිබේ.
ඔවුන් පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා මෙරටට විශාල සේවයක් කළ අයෙකු බවත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම වත්මන් ආණ්ඩුවේ වගකීමක් බවත්ය.
මෙම විදෙස් නායකයින් මාලිමා ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ විජයරාම නිල නිවසේ වාසය කිරීමට අවසර ලබා දිය යුතු බවයි.
එහෙත්, එම නිවස සම්බන්ධයෙන් මාලිමා ආණ්ඩුවේ ආරම්භක කාලයේ සිට මධ්‍යස්ථාන විවාදයක් සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, ලිඛිතව දැනුම් දෙනු ලැබුවහොත් තමන් මෙම නිවසෙන් ඉවත් වන බවයි.
කෙසේ නමුත්, විදෙස් රටවල් දෙකක් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ, ඔහුට නිවසේ නිදහස්ව වාසය කිරීමට අවසර ලබා දිය යුතු බවයි.
සටහන – මනීෂා