Colombo Today Local News

බැදුම්කර ගැහිල්ලෙන් ණය පොලී අනුපාතය ඉහළට.. රජයට පාඩුව කෝටි 20.000කට වැඩියි !

මහබැංකු බැඳුම්කර වංචාව හරහා රටේ ණය පොලී අනුපාතය ඉහළ යෑමෙන් ගතවූ වසර 03කට ආසන්න කාලය තුළ රුපියල් කෝටි 20,000කට අධික පාඩුවක් රජයට සිදුව ඇතැයි 2015 මහ බැංකු වාර්තාවෙන් පෙන්නුම් කරන බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ පවසයි.

සමරසිංහ මහතා පවසන්නේ එකී වාර්තාවට අනුව බැඳුම්කර පොලී අනුපාතය අපේක්ෂා කළ අනුපාතයට වඩා ඉහළ යෑමෙන් රුපියල් මිලියන 69,000ක් ණය පොලී වැඩිපුර ගෙවීමටද සිදුව ඇති බවයි.

ඒ අනුව 8%ත් 12%ත් අතර තිබූ නිවාස ණය පොලිය 16% දක්වාත් 16% – 18% අතර තිබූ ලීසිං පොලී අනුපාතය 22% දක්වාත් 14%ට තිබූ සාමාන්‍ය ණය පොලිය 18% දක්වාත් ඉහළ ගොස් ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මේ වනවිට ණය හිමියන්ට ඔවුන් ගත් ණය පොලියට වඩා ඉහළ පොලියක් ගෙවිය යුතු බව දන්වා බැංකුවලින් ලිඛිතව දැනුම් දී ඇති බවත් එය වැරැදි ක්‍රියාවක් බවත් ඒ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ රජයට සිදුවූ මෙම අලාභය පියවීම සඳහා බදු ගෙවීමට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනතාවට බවයි.

Related posts

ජයශ්‍රීට වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday

ඉන්දුනිසියානු “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට

colombotoday

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

colombotoday

ගිනි ගත් නෞකාව නිරීක්ෂණයට විශේෂඥ කණ්ඩායම් දෙකක්

colombotoday

අල කන්ටේනරයේ සගවා හෙරොයින් ගෙන්වූ මොහොමඩ් ජාන්ට මරණ දඩුවම !

colombotoday