Colombo Today Local News

යාපනයේ හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

යාපනය ප්‍රදේශයේ හොර මුදල් අච්චු ගැසූ ස්ථානයක් වැටලූ පොලීසිය, එහි තිබී ව්‍යාජ පන්දහසේ සහ දහසේ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම මුදල් මුද්‍රණයට යොදා ගත් පරිගණකය සහ මුද්‍රණ යන්ත්‍රයද පොලිස් බාරයට ගෙන ඇත.

ඊයේ පෙරවරුවේ මේ අත්අඩංගුවට ගැනීම සිදුවිය. යාපනය වඩුක්කෝඩෙයි පොලිස් ප්‍රදේශයේ ‍පොත්හලකින් මුදල් මාරු කරන අවස්ථාවේ මතු වූ සැකයක් මත පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ මෙහෙයුමේ දී ‍මේ ජාවාරමට අදාළ සියලු තොරතුරු හෙළි කර ගැනීමට හැකි වූ බව උතුරු ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා තවදුරටත් පවසා සිටින්නේ එම සැකකරුවන් මුද්‍රණය කළ මුදල් මේ වන විට යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ ගණනාවක සංසරණය වන බව සැක කරන බවයි. මීට පෙරද මොවුන් මේ ආකාරයෙන් විටින් විට මුදල් මුද්‍රණය කර ඇති බවට ද තොරතුරු ලැබී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 25- 35 අතර අයවලුන් වන අතර පුදුකුඩුඉරිප්පු සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට සැකකරුවන් ඊයේ යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වර්ණජයසුන්දර වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානාධිපති සමන් ගුණතිලක මහ උප පොලිස් පරික්ෂක පටබැදිගේ ඇතුළු පිරිසක් විසින් මේ සම්බන්ධව වැටලිම් සිදු කරනු ලැබිණි.

Related posts

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin

ගුවන් මගීන්ට තත්පර 20න් ලියාපදිංචි වෙන්න මාර්ග ගත ක්‍රමයක්

colombotoday

කොරෝනා අවදානම නොතකා ඡන්දය දැමීමට පැමිණි සියලුදෙනාට ස්තුතියි- මහින්ද දේශප්‍රිය

colombotoday

ශවේන්ද්‍රගේ පත්වීමෙන් TNA මන්ත්‍රීලා කුලප්පු වෙයි… ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි…

colombotoday

ප්‍රබල ඇමතිගේ දියණිය අල්ලස් අරන් අගමැතිට මාට්ටු !!

colombotoday

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජන කළ පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට…

colombotoday