Colombo Today Local News

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

“මුහුණුපොතේ” ජීව දත්ත පිටුවක් යොදාගනිමින් අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොත්මලේ ප්‍රදේශයේ සහකාර ඉඩම් නිරවුල්කිරීමේ කොමසාරිස්වරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකු වන බවය.

සැකකරු 42 හැවිරිදි ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු විසින් භාවිත කළ මුහුණුපොතේ ජීව දත්ත පිටුව පරීක්ෂා කිරීමේ දී කැලෑ හෙළි කිරීම, වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් විවිධ ඡායාරූප එහි තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම ඡායාරූප පරීක්ෂා කිරීමේදී පුද්ගලික ඉඩම් හෙළි කිරීම් අවස්ථාවල දී ගත් ඡායාරූප බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන තිබේ.

එම ඡායාරූප ලංකාවේ ප්‍රසිද්ධ වනාන්තර හෙළි කරන බව සඳහන් කරමින් සැකකරු විසින් සමාජ මාධ්‍යයේ අසත්‍ය ප්‍රචාරය කර ඇත.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ඇති අතර අද (22) දිනයේ දී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

නායකත්වය විවේචනය කළ ඒකාබද්ධයේ මන්ත්‍රීන් හයක් ශ්‍රීලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක්

colombotoday

අත්අඩංගුවට ගැනීම වලක්වන්න. රියාජ් බදුර්දීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

colombotoday

ජයලලිතා වෙනුවෙන් උතුරු පළාත් සභාවත් කල් තබයි.. පාර්ලිමේන්තුවේදීත් ශෝකය පළකරයි

colombotoday

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

colombotoday

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday