World

පුජකයන් සහ කන්‍යා සොහොයුරියන් අසභ්‍ය දර්ශන නරඹනවා. යක්ෂයා එතනින් ඇතුල් වෙනවා. – පාප් තුමාගෙන් හෙළිදරව්වක්.

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීමේ අන්තරාය පිළිබඳව ෆ්‍රැන්සිස් පාප් තුමා පූජකවරුන්ට සහ කන්‍යා සොහොයුරියන්ට අනතුරු අඟවා ඇති අතර එය “පූජක හදවත දුර්වල කරයි” යනුවෙන් ඔහු පවසති.

86 හැවිරිදි පාප් තුමා වතිකානුවේ පැවති සැසිවාරයකදී ඩිජිටල් සහ සමාජ මාධ්‍ය වඩාත් හොඳින් භාවිත කළ යුතු ආකාරය පිළිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළහ.

අසභ්‍ය දර්ශන නැරඹීම, “බොහෝ මිනිසුන්ට ඇති… පූජකයන් සහ කන්‍යා සොහොයුරියන්ට පවා ඇති නරක දෙයක්” බව ඔහු පැවසීය.

“යක්ෂයා එතනින් ඇතුල් වෙනවා” පාප් වහන්සේ පූජකවරුන්ට සහ සම්මන්ත්‍රණකරුවන්ට පැවසීය.

සමාජ මාධ්‍ය සහ ඩිජිටල් ලෝකයේ සැරිසරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්, ඔහු පැවසුවේ ඒවා භාවිතා කළ යුතු නමුත් ඒ සඳහා වැඩි කාලයක් නාස්ති නොකළ යුතුයි යනුවෙනි.

“ජේසුස් වහන්සේට දිනපතා ලැබෙන පිරිසිදු හදවතට මෙම අසභ්‍ය තොරතුරු ලබා ගත නොහැක,” ඔහු පැවසීය.

ඔහු උපදෙස් ලබා දුන්නේ “මෙය ඔබගේ දුරකථනයෙන් මකන්න, එවිට ඔබ අතේ පෙළඹවීමක් ඇති නොවේ” යනුවෙනි.

පල්ලියේ ඉගැන්වීම් අසභ්‍ය දර්ශන දකින්නේ නිර්මලකමට එරෙහි වරදක් ලෙසය.

BBC වෙබ් අඩවියේ පළවූ පුවතක පරිවර්තනයකි.

Related posts

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

colombotoday

“ෆැන්ටා, ස්ප්‍රයිට් විෂ සහිතයි“ අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

ස්මිත්ට වසර 10ට ලැබුණු ඇදහිය නොහැකි දඩුවම

colombotoday

සුළුතර හින්දුන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා බවට පාකිස්තානයට චෝදනා

colombotoday

අතුරු අයවැය පරාදයි.. ඇමරිකා රජය අක්‍රීය වෙයි.. ට්‍රම්ප් අමාරුවේ..

colombotoday

පැරීසියට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත බිය… ආරක්ෂාව පතා නගර වැසියන් පල්ලියකට ගාල් කරයි

colombotoday