Colombo Today Local News

බුද්ධි නිලධාරීන් වෙන වෙනම රදවා ප්‍රශ්න කිරීමට නියෝග.. එක්නැළිගොඩ ඝාතනය කළ බවට බලපෑම් කර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක්?

eknaligoda 236

කොටි ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියාකළ බවට හෙළිව ඇති අප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරීන් වෙන වෙනම රදවා ප්‍රශ්න කිරීමට රහස් පොලීසියට අවසර දෙන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රංග දසනායක මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරියට ඊයේ (01) නියෝග කළේය.

සිද්දියට අදාලව බන්ධනාගාර ගතකර සිටින කර්නල් කුමාරරත්න, ඇතුළු බුද්ධි නිලධාරීන් හත‍රදෙනෙකුගෙන් වෙන වෙනම රදවා මෙසේ ප්‍රශ්න කිරීමට නියෝග කර තිබෙන්නේ රහස් පොලීසියේ ඉල්ලීමකට අනුවයි. අදාළ ප්‍රශ්න කිරීම් ලබන 06 දින දක්වා කළ යුතු බවත්, ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් ප්‍රකාශ ලබාදෙන්නේ නම් එම ප්‍රකාශ බලපෑම්වලින් තොරව ලබාගත යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරඇත.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට රහස් පොලීසිය විසින් මේවන විට සකස් කර ඇති පිටපතට අවශ්‍ය වන පරිදි අත්අඩංගුවේ සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට පසුගිය දිනවල කටයතු කළ බවටත්, ඒ සදහා එම නිළධාරීන්ට රහස් පොලීසිය විසින් විවිධ බලපෑම් කළ බවටත් චෝදනා එල්ල වී ඇත.

මේ ඒ පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දක්වා තිබූ අදහස්.

මේ අය හදාගෙන තියෙනව ලස්‌සන කතාවක්‌. අර පින්තූර ප්‍රහේලිකාවල වගේ මේ එක එක නිලධාරීන්ට ප්‍රකාශ කිරීමට වෙන වෙනම කතා හදල දීල තියෙනවා. මේ කතා හතර එකතු කළාම කියවෙන්නේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්නගේ නියෝගය මත අනික්‌ නිලධාරීන් එකතුවෙලා ප්‍රදීප් එක්‌නැලිගොඩ ඝාතනය කළා කියලා. එතකොට ශම්මි කරුණාරත්න කියන්න ඕනි ගෝඨාභය රාජපක්‍ෂ මහතා මට දුරකථනයෙන් දුන්නු උපදෙසක්‌ මත තමයි මම මේ දේ කළේ කියල.

ලුතිනන් කර්නල් ප්‍රබෝධ වීරසේකර එක්‌නැලිගොඩ අතුරුදන් වුණා කියන කාලය පුරාම කුකුලේ ගඟ නේවාසික පුහුණුවක ඉඳලා තියෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීමේ කිසිම පදනමක්‌ නෑ. මේ නිලධාරියාට සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර කියනවා ඔබ කිසි වරදක්‌ කරලා නෑ ඔබව අපිට රඳවාගෙන ඉන්නට බෑ. ඔබගේ ප්‍රකාශය අපි හදලයි තියෙන්නේ ඔයාට තියෙන්නේ අත්සන ගහන්න හෙට ගෙදර. මේ වගේ සෑම නිලධාරියකුගේම ප්‍රකාශයන් හදලා තියෙන්නේ. ඔයගොල්ල මේ අත්සන ගහල ගෙදර යන්න. මේ අපේ ප්‍රකාශයට අත්සන් නොකළොත් කවදාවත් ගෙදර යන්න වෙන්නේ නෑ.

එතකොට මේ ප්‍රකාශයට අත්සන් කරන්න කැමති වෙච්ච සාජන් මේජර් රන්බණ්‌ඩා අද නිදහස්‌වෙලා ගෙදර ගිහින් තියෙනවා. මේ රටේ ජනතාවගේ හිතේ ජාතික වීරයෙක්‌ විදිහට සනිටුහන් වෙලා ඉන්න ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගැන මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කරලා එතුමාව විනාශ කරන එක ජාති ජාතිත් පඩිසන් දෙන පාප කර්මයක්‌ය කියලා මේ නිලධාරීන්ට හිතෙන නිසා අනන්ත දුක්‌ විඳිමින් හිරකූඩුවේ ඉන්නවා මේ ප්‍රකාශය අත්සන් නොකර. දැන් මොකද වෙලා තියෙන්නේ පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමතිලකත් සැරයන් මෙන්ඩිස්‌ කියන දෙදෙනා සාජන් මේජර් උපසේන, කෝප්‍රල් රූපසේන, ගෝල්ෙµaස්‌ ගී්‍රන් කැබින් එකට අරන් ගිහිල්ලා හොඳටම බොන්න දීලා මොකටද හිරේ දුක්‌ විඳින්නේ කියලා බලපෑම් කරලා මේ ප්‍රකාශයට අත්සන් කරන්න කියලා බලපෑම් කළා. මේ නිලධාරීන් මත් වුණත් තමන්ගේ දේශප්‍රේමිත්වයත් අවංකභාවයත් පාවා දුන්නේ නෑ. ඊට පස්‌සේ හිරේ ඉන්න නිලධාරීන්ගේ බිරින්දැවරුන්ට බලපෑම් කරනවා. ඔයාගේ මහත්තයාට පිස්‌සු මෙහෙම හිටියොත් ඩී. අයි. ජී. වාස්‌ ගුණවර්ධන එල්ලුම් ගහට යෑවුවා වගේ ඔයාගෙ මහත්තයත් අපි එල්ලුම් ගස්‌ යවනවා. ඔයාගේ මහත්තයා ඔයාට දරුවන්ට ආදරේ නැද්ද? මෙන්න මේක අත්සන් කරලා ගෙදර එන්න කියන්න. මේ වගේ දේ කියලා රෑට රෑට දුරකථනයෙන් කතා කරලා බලපෑම් කරනවා.

මේ ආකාරයෙන් බුද්ධි නිලධාරීන් වෙන වෙනම රදවා ප්‍රශ්න කිරීමේ අරමුණ ඔවුන් දැඩි ලෙස මානසික පීඩනයට පත්කර බලපෑම් කරමින් රහස් පොලීසිය විසින් පිටපත් කර ඇතැයි කියන එක්නැලිගොඩ නාටකයට අවශ්‍ය ප්‍රකාශ ඔවුන්ගෙන් ලබා ගැනීමද?

Related posts

වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හිටපු ජනපති මිය‍ගොස් ඇති බව සිසුන්ට කියයි !

colombotoday

නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීම හෙට

colombotoday

රටපුරා මැතිවරණ තහනම්: ඡන්දය දැම්මොත් මරණය !

colombotoday

මහින්ද රාජපක්ෂ යළි අගමැති කරන්න කිසිදු ඉල්ලීමක් කර නැහැ – සාගර කාරියවසම්

Admin

ඩීසල් සහ ගුවන් යානා තෙල් සහිත නැව දින 4 ක් මුහුදේ

colombotoday

රජය වෙනුවෙන් ගයන්ත මහා නාහිමියන්ගෙන් සමාව ගනී !

colombotoday